වර්ෂ 2014 ක්වූ සැප්තැම්බර් 25 වැනිදා බ්‍රහස්පතින්දා




අජන්තා සිංදු ලියලා

අජන්තා සිංදු ලියලා

ආචාර්ය අජන්තා රණසිංහ අපට දුරකතකන ඇමතුමක් දුන්නා.

මං අලුතින් සිංදු තුනක් ලිව්වා.

එසේ කියමින් ආචාර්ය අජන්තා රණසිංහ අපට ප්‍රවෘත්තියක් දුන්නා.

සංයුක්ත තැටියකටද?

අපි විමසුවා.

නැහැ.

එහෙනම්?

එකක් චන්න පෙරේරාගේ චිත්‍රපටයකට. ඒකට තවම නමක් තියලා නැහැ. තීක්ෂණ අනුරාධ තමයි කිව්වේ. ඒකේ මියුසික් කරලා තියෙන්නේ අර සුබසිංහ කියන ළමයා.

දිනේෂ් සුබසිංහ ද?

ඔව්, ඔව්. අනෙක් ගීතයත් ලිව්වේ චිත්‍රපටයකට. එය නාලක තලගල අධ්‍යක්ෂණය කළ කෙම්මුර කළුවර. සමන්ත පෙරේරා සංගීතවත් කොට ඔහු සමඟින් උරේෂා ඒක කියනවා.

අනෙක් ගීතයත් ලිව්වේ චිත්‍රපටයකටද?

නැහැ දරුවෝ. ඒක ලිව්වේ ටෙලි නාට්‍යයකට. ශ්‍රියාණි අමරසේන තමයි එහි අධ්‍යක්ෂවරිය. දයාසිරි ජයසේකර සහ නෙලූ අධිකාරි ඒ ගීතය කියනවා. ඉතින් සෑහෙන කාලයකට පස්සේ මේ වගේ නිර්මාණයන්ට ගීත ලියන්න ලැබීම සතුටක්. එම ගීත අපට පස්සේ අප තරුණ පරම්පරාවේ අය විසින් ගැයීම ඊටත් වඩා සතුටක්.

අජන්තා අවසන් කොට කිව්වා.