වර්ෂ 2014 ක්වූ සැප්තැම්බර් 25 වැනිදා බ්‍රහස්පතින්දා




සදේශ්ගේ අලුත් චිත්‍රපටය දිගටම වැඩ

සදේශ්ගේ අලුත් චිත්‍රපටය දිගටම වැඩ

සුපර් සික්ස්, මායා, ප්‍රවේගය, රාවනා ආදී සිනමාපට නිෂ්පාදනය කළ ආර්. සදේශ් කුමාර් සහ ශ්‍රීමතී සදේශ් කුමාර්ගේ නවතම සිනමාපටය මේ දිනවල රූගත වේ. පූජා උමාශංකර්, හේමාල් රණසිංහ සහ ශේෂාද්‍රි – උද්දික ප්‍රේමරත්න සුපෙම්වතුන් ලෙස රංගනයේ යෙදෙන මෙහි ජීවන් කුමාරතුංග, මිහිර සිරිතිලක ඇතුළු රංගන ශිල්පීන් විශාල ප්‍රමාණයක් රංංගනයෙන් දායකවීමට නියමිතය.

සහාය අධ්‍යක්ෂණයෙන් ඩොනල්ඩ් ජයන්ත එක් වෙයි. මංජුල අයගමගේ කලා අධ්‍යක්ෂණයකි. නලීන් ප්‍රේ්මතිලක අංග රචනා ශිිල්පියාය.

මෙම සිනමාපටයට තවමත් නමක් තබා නොමැති අතර රූ ගැන්වීම අතරතරදී ඊට නමක් යොදන බව සහාය අධ්‍යක්ෂවරයා සරසවියට දන්වා සිටියේය.