වර්ෂ 2014 ක්වූ සැප්තැම්බර් 25 වැනිදා බ්‍රහස්පතින්දා




දේදුන්න ළඟදී තිරයට පායයි

දේදුන්න ළඟදී තිරයට පායයි

නලීන් රාජපක්ෂගේ නවතම සිනමා සිත්තම ද රෙන්බෝ හී සියලු රූගත කිරීම් පසුගියදා නිම විය. සංස්කරණයට සූදානමින් ඇති මෙහි රොෂාන් රණවන සමඟ සිනමාවට හඳුන්වා දෙන තනාෂා හතරසිංහ ප්‍රධාන චරිත රඟන්නීය. ඔවුන් දෙපොළ ඇතුළුව රෙක්ස් කොඩිප්පිලි, වසන්ත කුමාරවිල, කුමාර තිරිමාදුර, මිහිර සිරිතිලක, නදීකා ගුණසේකර, ඩිනක්ෂි ප්‍රියසාද්, රාජා ගනේෂන්, ශනුද්‍රි ප්‍රියසාද්, සුසිලා කෝට්ටගේ, නිල්මිණි කෝට්ටේගොඩ, ඩී. බී. ගංගොඩතැන්න, රනීෂ් ශ්‍යමගේ, සඳුන් බණ්ඩාර යන නළු නිළියන් ද රේන්බෝ රංගනයෙන් හැඩ කරයි.

මෙය මුන්ලයිට් ෆිල්ම්ස් හී නිෂ්පාදනයකි. බුද්ධික ගීකියනගේ සම නිෂ්පාදකවරයාය. සුනිල් ප්‍රේ්මරත්නගේ තිර රචනයක් මෙන්ම සහාය අධ්‍යක්ෂණයෙන් ද දායක වෙති. රමෝද් මාලක නර්ථන අධ්‍යක්ෂවරයාය. බුද්ධක මංගල, කපිල සුගත්, විශ්ව කරුණාරත්න, නලීන් ධම්මික කැමරා අධ්‍යක්ෂවරුන් වේ. සුනෙත් නන්දලාල්ගේ කලා අධ්‍යක්ෂණයකි. තරංග රුක්මල්වල අංග රචනා ශිල්පියාය. උදය ශ්‍රී සමඟ කසුන් කල්හාර සංගීත අධ්‍යක්ෂවරුන්ය.

ද රේන්බෝ නලින්ගේ දෙවැනි චිත්‍රපට අධ්‍යක්ෂණය වන අතර ඔහු මීට ප්‍රථම අඟර දඟර නමින් චිත්‍රපටයක් නිර්මාණය කරන ලදී.