වර්ෂ 2014 ක්වූ සැප්තැම්බර් 25 වැනිදා බ්‍රහස්පතින්දා




ලෝකල් බීන් රට වටා යයි

ලෝකල් බීන් රට වටා යයි

ලොව පුරා ජනප්‍රිය වූ Mr. Bean චරිතය ඔබට මතක ඇතුවා නිසැකය. එමෙන්ම Mr. Bean ගේ චරිතය ස්වර්ණවාහිනියේ Shadow Starහරහා කරලියට ගෙන ආ Sri Lankan Mr. Bean  චරිතය ද ඔබේ මතකයේ රැඳී තිබෙනු නොඅනුමානය.

වසර දෙකක නිහැඬියාවකින් පසු Sri Lankan Mr. Bean  මෙවර ‘Mr. Bean With Child’ නමින් ඔහුට ආදරය කරන ළමුන් වෙනුවෙන් දැනුම, අවබෝධය හා රසය පිරුණු දීප ව්‍යාප්ත වැඩසටහනක් ආරම්භ කර ඇත. විනෝදය ඔස්සේ දැනුම බෙදා දෙන මෙය විද්වතුන්ගේ සහභාගිත්වයෙන් සමාජ ප්‍රශ්නවලට කාලීන විසඳුම් සොයා යන ප්‍රජා සත්කාරක වැඩසටහනකි.

මෙම වැඩසටහනේ මංගල පියවර ලෝක ළමා දිනය යෙදෙන ඔක්තෝම්බර් පළමුවැනිදා තලවකැලේ ළිදුල නගර සභාවේ ආරාධනයෙන් ශ්‍රී කදිරේෂන් ශාලාවේදී පෙරවරු 9.00 ට පැවැත්වේ.