වර්ෂ 2014 ක්වූ සැප්තැම්බර් 25 වැනිදා බ්‍රහස්පතින්දා




ෂාරුක් – අයිශ්වර්යා යළිත්

ෂාරුක් – අයිශ්වර්යා යළිත්

දොළොස් වසරකට පසු දේව්දාස් පෙම් යුවළ යළි මුණ ගස්සවන්නට යන්නේ අධ්‍යක්ෂ රෝහිත් ෂෙට්ටිය. සිංහම් රිටර්න්ස් අධ්‍යක්ෂවරයා දැනටමත් ඊළඟ සිනමාපටයේ ප්‍රධාන චරිතයට ෂාරුක් ඛාන්ගෙන් වචනයක් ගෙන අවසන්ය. එහෙත් අයිශ්වර්යා රායිගෙන් දින ලබා ගැනීමට නම් ඔහුට හැකි වී නැත.

දේව්දාස් සිනමාපටයට පෙර ෂාරුක් හා අයිශ්වර්යා සොයුරු සොයුරියන් ලෙස ජෝෂ් (2000) සිනමාපටයේ රඟපා තිබේ. ඉන් පසු ඇය ෂාරුක්ගේ ‘මොහබතීන්’ සහ ‘ශක්ති’ සිනමාපටවල කෙටි ජවනිකාවලට පෙනී සිට ඇත.

ෂාරුක් සහ දීපිකා පදුකෝන් රැඟූ අතිශයින් ජනප්‍රිය වූ ‘චෙන්නායි එක්ස්ප්‍රස්’ සිනමාපටයේ අධ්‍යක්ෂවරයා වූයේ ද රෝහිත් ෂෙට්ටිය.