වර්ෂ 2014 ක්වූ සැප්තැම්බර් 25 වැනිදා බ්‍රහස්පතින්දා




බලනවා නම් චිත්‍රපට

පිටසක්වල ජීවීන්ගේ නොනවතින අරගලය

එජ් ඔෆ් ටුමොරෝ (EDGE of TOMORROW)

පිටසක්වල ජීවීන් ලෝකය ආක්‍රමණය කිරීමට පටන් ගනියි. මෙය නවතාලීමට කිසිම කණ්ඩායමකට නොහැකිය. මෙය වෙනස් වනුයේ මේජර් විලියම් එම සටනට අවතීර්ණ වීමත් සමඟය. මෙය කිසිදා නිම කළ නොහැකි සටනක් බව ඔහු තේරුම් ගනියි. මේ නිසාම ඔහු තම හැකියාවන් වර්ධනය කර ගනිමින් සටනට අවතීර්ණ වෙයි.

මේ දිනවල ජනපි‍්‍රය ඉංගී‍්‍රසි චිත්‍රපටයක් වන එජ් ඔෆ් ටුමෝරෝ චිත්‍රපටයේ කතා තේමාවයි.

ඩග් ලීමන් අධ්‍යක්‍ෂණය කළ මෙහි හොලිවුඩ් සිනමාවේ ජනපි‍්‍රයම නළුවකු වන ටොම් කෲස් සමඟින් එමලි බ්ලන්ට්, බිල් පැන්ස්ටන්, බ්‍රෙන්ඩන් ග්ලීසන් ඇතුළු ජනපි‍්‍රය නළු නිළියන් රැසක් රංගනයෙන් දායක වෙති. ඕල් යු නීඩ් ඉස් කිල් නම් වූ හිරෝෂි සකුරාස්කි ගේ ජනපි‍්‍රය නවකතාව ආශ්‍රයෙන් මෙය නිර්මාණය කර ඇත.

බොක්සිං ක්‍රීඩාවෙන් භාරතය ජයගත්

මාරි කොම් (MARY KOM)

ඇගේ එකම අභිලාෂය බොක්සිං ක්‍රීඩිකාවක වීමය. ඒ සිහිනය ජය ගැනීමට ඇය නොගත් වෙහෙසක් නොවීය. එහි ප්‍රතිඵලය වූයේ මාරි කොම් ඉන්දියාව වෙනුවෙන් ඔලිම්පික් දක්වා පැමිණීමයි. මේ ධෛර්යමත් ක්‍රීඩිකාවගේ කතාවයි මාරි කොම්.

මෙම හින්දි චිත්‍රපටයේ මාරි කොම් ලෙස ජනපි‍්‍රය නිළි පි‍්‍රයංකා චොප්රා දක්‍ෂ රංගනයක යෙදෙන අතර ඇගේ රංගනයට දර්ශන් කුමාර්, සුනිල් කයා, රජිනි බ්‍රහ්මචාරී, ශාන්ති සිං ඇතුළු නළු නිළියන් රැසක් සහාය වෙති. මාරි කොම් අධ්‍යක්‍ෂණය ඕමුන්ග් කුමාර් ගෙනි.

දේවතාවියක් බඳු

අප්සරාස් දේවතායි (APSARAS DEVATHAI)

නව මගක් ගත් දෙමළ චිත්‍රපටයකි අප්සරාස් දේවතායි. මෙය ලෙනින් රාජේනුන් ගේ අධ්‍යක්‍ෂණයකි. රාමේෂ් නාරායන් සංගීතවත් කර ඇත. සන්තෝෂ් සිවම්, කාර්නික් නයිර්, නිත්‍යා මෙනන්, ලක්‍ෂමී ශර්මා, මල්ලිකා කපූර් සමඟ ශි‍්‍රයා රංගනයෙන් දායක වෙති.

සිංහයා නැවත එයි

ලෙජන්ඩ් (LEGEND)

තෙළිඟු සිමාවේ සුපිරි නළුවන් වන බාලක්‍රිෂ්ණන් සමඟ ජගපති බාබු රංගනයෙන් දායක වන ලෙජන්ඩ් සටන් නැටුම් වැනි විශේෂාංග නැරඹීමට කැමැති සිනමා ප්‍රෙක්‍ෂකයන්ට මහත් ආස්වාදයක් ගෙන දෙන චිත්‍රපටයකි.

ජනපි‍්‍රය තෙළිඟු චිත්‍රපට අධ්‍යක්‍ෂ බෝධිපන් ශ්‍රීනුගේ නවතම චිත්‍රපටය වන ලෙජන්ඩ් හි බාලක්‍රිෂ්ණන්, ජගපති බාබු සමඟ සොනාලි චෞහාන්, රාධිකා ආප්ටේ, හම්සා නන්දනී කල්‍යාන් (කාවේරි) රංගනයෙන් දායක වෙති.

අ මිලියන් වේස් ටු ඩයි ඉන් ද වෙස්ට්

(A MILLION WAYS TO DIE IN THE WEST)

බටහිර (කව්බෝයි) චිත්‍රපට නැරඹීමට කැමැති ප්‍රේක්‍ෂකයන්ට අ මිලියන් වේස් ටු ඩයි ඉන් ද වෙස්ට් කදිම චිත්‍රපටයක් වනු ඇත.

ජනපි‍්‍රය නළු නිළියන් වන සෙන් මැක්ෆර්ලොන්, අමන්ඩා සේපි‍්‍රයිඩ්, ග්ලෝවන් රිධ්සි, චාර්ල්ස් තෙරෝන්, නීල් පැට්රික් සමඟ ජනපි‍්‍රය නළු ලියම් නීසන් රඟන ඩයි ඉන් ද වෙස්්ට් සෙන් මැක්ෆර්ලොන් ගේ අධ්‍යක්‍ෂණයකි.

සැබෑ මිතුරා

ස්ටැන්ලි වර්ණකුල නිෂ්පාදනය කළ ෂර්ලි පී. විජේරත්න අධ්‍යක්‍ෂණය කළ ජනපි‍්‍රය සිංහල චිත්‍රපටයක් වන සැබෑ මිතුරා චිත්‍රපටය පැරණි සිංහල චිත්‍රපට ප්‍රේක්‍ෂකයා අමන්දානන්දයට පත් කරන චිත්‍රපටයකි.

සනත් ගුණතිලක, ක්ලීටස් මෙන්ඩිස්, සබීතා පෙරේරා, දිල්හානි ඒකනායක, ස්ටැන්ලි වර්නකුල, ෆ්‍රෙඩී සිල්වා, ශි‍්‍රයාණි අමරසේන, මර්වින් ජයතුංග, බැප්ටිස් ප්‍රනාන්දු රඟන සැබෑ මිතුරා ක්‍රියාදාම ආදර පුවතක් රැගත් සිංහල චිත්‍රපටයකි.