වර්ෂ 2014 ක්වූ සැප්තැම්බර් 25 වැනිදා බ්‍රහස්පතින්දා




චීන ජනපති හමුවේ මනෝජ්ගේ නාද රටා

චීන ජනපති හමුවේ මනෝජ්ගේ නාද රටා

චීන ජනපති ෂී ජින් පිම් අප රටට පැමිණීමෙන් පසුව අරලියගහ මන්දිරයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවැත් වූ භෝජන සංග්‍රහයේදී අපේ සංගීතවේදී මනෝජ් පීරිස්ට ද ආරාධනාවක් ලැබුණි. ඒ එම භෝජන සංග්‍රහය හෙළ සංගීත නර්තනයෙන් සමන්විත වූ අතර එහි සංගීතය මෙහෙයවන ලද්දේ ලලිත කලා වාද්‍ය විශාරද මනෝජ් පීරිස්ය.

එහිදී චීන ජාතික කාන්තාවක් වූ olu zheng ‘ඕලු පිපිලා’ ගීතය ගැයූ අතර සඳලි විජේතුංග මෙහිදී චීන ගීතයක් ගායනා කළාය. ඇගේ ගායනයට චීන ජනපතිතුමාගෙන් පැසසුම් හිමි වූ අතර නාවික හමුදා නර්තන කණ්ඩායමේ නර්තනවලින් ද ඒ අවස්ථාව සුන්දර විය.