වර්ෂ 2014 ක්වූ සැප්තැම්බර් 25 වැනිදා බ්‍රහස්පතින්දා




ධර්මපාල ශ්‍රීමතාණන් වෙනුවෙන් සුනිල් - සනත් – පාලිත - සම්මාන ලබති

ධර්මපාල ශ්‍රීමතාණන් වෙනුවෙන් සුනිල් - සනත් – පාලිත - සම්මාන ලබති

අනගාරික ධර්මපාලතුමන් පිළිබඳ චිත්‍රපටයක් නිර්මාණය කොට එතුමාගේ දර්ශනය සමාජගත කිරීමට ගත් උත්සාහය වෙනුවෙන් එය නිෂ්පාදනය කළ පූජ්‍ය කිරම විමලජෝති හිමිපාණන් වහන්සේ, සුනිල් ටී. ප්‍රනාන්දු සහ අධ්‍යක්ෂ සනත් අබේසේකර මෙන්ම චිත්‍රපටයේ ධර්මපාලතුමාගේ චරිතය රඟපෑ පාලිත සිල්වා උඩුනුවර තෙලඹුගල නිග්‍රෝධකෙත්ත පිරිවෙන් විහාරස්ථානයේදී උපහාර තිළිණ ලැබුහ. ඒ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ මහා නායක අග්‍ර මහා පණ්ඩිත අති පූජ්‍ය නාපානේ පේමසිරි හිමිපාණන් වහන්සේ සහ ශ්‍රී ලංකා අමරපුර සංඝ සභාවේ මහා නායක මහ ස්ථවිර අති පූජ්‍ය දොඩම්පහල චන්ද්‍රසිරි නා හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ ශ්‍යාමෝපාලි මහ නිකායේ මහා නායක ස්ථවිර අති පූජ්‍ය අඹේවෙල ප්‍රඥාසාරවිධාන හිමිපාණන් ප්‍රධානත්වයෙන් පැවති උත්සවයකදීය. තෛ‍්‍රනිකායික මහ නායක මාහිමිපාණන් වහන්සේලාගේ අනුශාසකත්වයෙන් පවත්වාගෙන යන ශ්‍රීමත් අනගාරික ධර්මපාල පරෝපකාර පදනම ආරම්භ කොට වසර හතළිස් හතරක් සපිරීම සහ ධර්මපාලතුමන්ගේ එකසිය පණස් වැනි ජන්ම සංවත්සරය නිමිති කර ගනිමින් මෙය සංවිධානය කොට තිබිණ.