වර්ෂ 2014 ක්වූ සැප්තැම්බර් 25 වැනිදා බ්‍රහස්පතින්දා




තවමත් උගන්වනවා

තවමත් උගන්වනවා

නර්තන ශිල්පිනී දයා නෙල්ලම්පිටිය

ඉදිරියේදී පැවැත්වීමට නියමිත ‘විශාඛා මේලා’ වැඩසටහනට ළමයි තෝරා ගැනීමේ විනිශ්චය මණ්ඩලයට පසුගිය දවස්වල මා සහභාගි වුණා. ඒ අතරම බම්බලපිටිය මෙතෝදිස්ත විද්‍යාලයේ ජන ගී ගැන දේශනයක් කළා.

ඒ වගේම අනුලා විද්‍යාලයේ විදුහල්පතිනිය වී සිටි මිසිස් අබේරත්නට වසර අසූ නවයක් පිරීම නිමිත්තෙන් ගුරුවරු හා ආදි ශිෂ්‍යාවන් කළ උත්සවයකටත් මා සහභාගි වුණේ බොහොම කැමැත්තෙන්.

මේ අතරතුර සාමාන්‍ය පෙළ හා කුඩා ළමයින් වෙනුවෙන් නර්තනය උගන්වනවා.