වර්ෂ 2014 ක්වූ සැප්තැම්බර් 25 වැනිදා බ්‍රහස්පතින්දා




සුවඳ පද්ම උපහාර පිදෙයි

සුවඳ පද්ම උපහාර පිදෙයි

මිහිඳු සංස්කෘතික පදනම සංවිධානය කරන ලද සුවඳ පද්ම 2014 උපහාර සම්මාන උළෙල පසුගිය සැප්තැම්බර් 06 වැනිදා කොළඹ ආනන්ද විද්‍යාලයීය කුලරත්න ශාලාවේදී පැවැත්විණි.

එහිදී බැසිල් ද සේරම්, චිත්‍රා වාකිෂ්ඨ, රත්නා සුමනපාල, අශෝක හේවාවිතාරණ, චන්දි රසිකා, සමන්ති ලැනරෝල්, ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු, සුනිල් හෙට්ටිආරච්චි, උදුලා දාබරේ සහ දේවිකා සුරම්මි යන කලා ශිල්පීන් හට මූල්‍ය ත්‍යාග සමඟ උපහාර තිළිණ පිරිනමන ලදී. බුද්ධි කීර්තිසේන, සුවිනීතා වීරසිංහ, දයාවංශ ජයකොඩි, බුද්ධි වික්‍රම, අතුල රන්සිරිලාල්, සුජතා අත්තනායක, අශෝක කරුණාරත්න, රංජිත් ධර්මකීර්ති සහ රවිබන්ධු විද්‍යාපති සුවඳ පද්ම උපහාර සම්මානයෙන් පිදුම් ලැබූහ.

කලාසූරී සතිස්චන්ද්‍ර එදිරිසිංහ විසින් රචිත ‘ඔබ තවමත් ප්‍රමාද නැත’ සහ ‘නරක දේ ලියන්න වැල්ලේ’ යන කෘති ද්විත්වය දොරට වැඩීම ද එහිදී සිදු කෙරිණි. මහාචාර්ය ජේ. බී. දිසානායක, නිළි රැජන මාලිනී ෆොන්සේකා, ආචාර්ය එඩ්වින් ආරියදාස සහ ආචාර්ය ඩී. බී. නිහාල්සිංහ ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් මෙම අවස්ථාවට සහභාගි වූහ. මිහිඳු සංස්කෘතික පදනම වෙනුවෙන් මෙම උළෙල සංවිධානය කරන ලද්දේ සභාපති සතිස්චන්ද්‍ර එදිරිසිංහ විසිනි.