වර්ෂ 2014 ක්වූ සැප්තැම්බර් 25 වැනිදා බ්‍රහස්පතින්දා




සුගලා දේවි හිරුට ගොඩවදී

සුගලා දේවි හිරුට ගොඩවදී

පළමුවරට හිරු නාලිකාවේ ඉදිරියේදී ඇරැඹීමට නියමිත ඓතිහාසික ටෙලි නාට්‍යය වන සුගලා දේවියගේ චරිතය ආශ්‍රය කර ගනිමින් නිමවන ‘දේවිය සුගලා’ ටෙලි නාට්‍යයෙහි වැඩ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇත. ඒ ටෙලි නාට්‍යය අධ්‍යක්ෂණය කරන්නේ කැලුම් පාලිත මහීරත්නයි.

හිරු රූපවාහිනියේ ආරම්භයේම විකාශය වූ පළමු ටෙලි නාට්‍යය වන ‘විසුල අහස යට’ ටෙලි නාට්‍යයේ මෙන්ම මේ දිනවල රූපවහිනි නරඹන්නන් අතර වඩාත් ජනප්‍රිය ‘ස්නේහා’ ටෙලි සිත්තමේ අධ්‍යක්ෂවරයා වන්නේ ද කැලුම් පාලිත මහීරත්නය.