වර්ෂ 2014 ක්වූ සැප්තැම්බර් 25 වැනිදා බ්‍රහස්පතින්දා




FEEDBACK

හෙළ සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා දැයෙන් සමුගෙන දස වසරකි. ඔහුගේ ගුණ අප පාඨකයන් මෙසේ අනුස්මරණය කළහ.

සන්දේශය අතැතිව රන්මුතු දූවට පිවිස අදට වැඩිය හෙට හොඳයි කියා යන ගමනේදී හමු වූ ගැටවරයින් සමඟ චණ්ඩියා ලෙස සීගිරියට නැග කාශ්‍යප හමුවට ගොස් පරසතු මල් දෝතින් ගෙන හතර දෙනාම සූරයෝ ද පිරිවරා නිධානය ගන්නට මිරිඟුව පසුපස ගෙස් සොරුන්ගෙත් සොරු සමඟින් සටන් වැද සැනසිලි සුවය ලබන්නට කොටි වලිගය අල්ලා වැලිකතරට ගොඩ වී දෙමෝදර පාලම දිගේ පැමිණ සීතල වතුරට බැස ඇඟපත සෝදා ඔක්කොම හරි යයි සිතා එන ගමනේදී සූරයන්ගෙත් සූරයා වගේ බඩුත් එක්ක හොරු අල්ලා දී දෙවියනි ඔබ කොහෙ ද යැයි සිහිපත් කරමින් හොඳම වෙලාව බලා නිවසට ගොඩ වී රත්තරන් අම්මා මැද චණ්ඩි පුතා තමා යැයි රිදී තැල්ල ඇයට පුදා ගියේ නොමියෙන මිනිසුන් වෙතින් ආදරයයි කරුණාවයි ඉල්ලා අන්තිම රැය රෑන ගිරව් වගේ එක්ව සිට මිනිසුන් අතර මිනිහෙක් වූ එදත් සූරයා අදත් සූරයා ඔබම මිස අන් කවරෙක්ද. සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා උතුමාණෙනි.
 

රංජිත් අබේවර්ධන, සඳුනි රශ්මික, තිළිණි නවෝදා, ලහිරු කසුන්, ශ්‍රියාමලි රේණුකා ඇතුළු රණ හංස කලා හවුල

කළුතර උතුර,

දෙදියවල

ගාමිණී නැති හෙළ සිනමාවේ හිදැස කවදාවත් පිරවිය නොහැකි බව අදට ද අපට පසක් වේ. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සිනමා සක්විති වූ ගාමිණී රංගනයෙන් මෙන්ම අධ්‍යක්ෂණයෙන් ද සිංහල සිනමාව උදෙසා කළ මෙහෙය සදා අමරණීයයි.
 

ධර්මා ඒකනායක

මාතලේ

ගාමිණී වෙනුවන් පවත්වන සැමරුම් උපහාර සාර්ථක වේවා යැයි පතමි.
 

සුනිල් චන්ද්‍රසේකර

කොටුගොඩ

දයාරත්න ගනේගොඩ

කැළණිය

පෙම්වතා ලෙසින් රඟපෑ ඒ කාලයේ
රසිකාවන්ගේ ආදරය දිනූ නළුවා වූයේ
වීරයා ලෙසින් සැම තැනදිම දස්කම් පෑයේ
සුපිරි චණ්ඩියාම විය ඔබ රිදී තිරයේ

නිධානය ගන්නට ගියේ පෙන්වා තම බලය
පරසතු මල්වලින් ආවේ බොනී ලෙස
ස්විප් ටිකට්වල සිටියේ ආදර මල් ළඟය
කොටි වලිගය රඟපෑවේ පෙන්වා තම දස්කම්

ලැබු චරිතයකම ජීවත් වූයේ නියමෙටමයි
ඔබ රඟපෑ චරිත සදා මතකයේම රැඳෙයි
කලා ලොවේ බැබලුන පුන් සඳ වූයේ ඔබමයි
ගාමිණි නැති රිදී තිරය පාළුයි සැමදා පාළුයි
 

සෝමා එච්. පතිරණ

කහවත්ත

හඬ සඟරාව අපට ශබ්දකෝෂයක්

තිලකරත්න කුරුවිටබණ්ඩාරයන් සම්පාදනය කරන ගුවන් විදුලියේ යටගියාව, එදා දවස, නිවේදක නිවේදිකාවන්, ගායක ගායිකාවන්, පැරැණි චිත්‍රපට ගීත, සරල ගීත, ළමා ගීත ආදී සියලු විස්තර අපට ගෙන එන හඬ සඟරාව නොදන්නා තොරතුරු දැනගත හැකි ශබ්දකෝෂයකි.
 

ඇල්. ඇම්. ප්‍රේමසේන පෙරේරා

ඥාණා කුමාරි පෙරේරා

කළුබෝවිල

නිළියන්ගේ දැඟලිල්ල ඕනෑවට වැඩියි

හිම කඳු ටෙලි නාට්‍යයේ රඟපාන ඇතැම් නිළියන්ගේ දැඟලිල්ල කතාව වැඩියි. මට නම් ඒ නාට්‍යය පෙන්නන්න බැහැ.
 

නන්දා ලියනගේ

මහවැව

බෙනා මාමෙ, පොඩි මාමෙ ඔබ හරි දක්ෂයි

එදා බෙනා මාමා මෙදා පොඩි මාමා වෙලා. ප්‍රියන්ත සෙනෙවිරත්න ඔබට තියෙන රංගන හැකියාව කියා නිම කරන්නට බැහැ. ඒ තරමටම ඔබ දක්ෂ රංගන ශිල්පියෙකි.
 

සරත් සේනාධීර

ජාඇල

රූපවාහිනිය බැලීමත් දැන් එපා වෙලා

ඇත්තටම මේ නානා ප්‍රකාර සෝබන විලාසිතා වෙළෙඳ දැන්වීම් රූපවාහිනිය මඟින් ඉදිරිපත් කරමින් ටෙලි නාට්‍ය විකාශයට වඩා වෙළෙඳ දැන්වීම් විකාශය කිරීම නිසාම දැන් අපිට රූපවාහිනිය බැලීමත් එපා වෙලයි තියෙන්නේ. ඉතින් අපි දැන් මොකද කරන්නේ.
 

තිලකරත්න විල්වල

කෑගල්ල

දිනේෂ්ගේ ඉදිරිපත් කිරීම හොඳයි

සිත් එෆ්. එම්. ගුවන් විදුලියේ දිනේෂ් උපේන්ද්‍ර විසින් සතියේ සෑම දිනකම උදෑසන අප වෙත ගෙන එන ලග්න පලාපල සහ දවසේ පුවත්පත් තොරතුරු හරි අපූරුවට ශ්‍රාවකයාට දැනෙන පරිදි ඉදිරිපත් කරනවා.
 

එච්. ඉන්ද්‍රපාල

මුංහේන

එකම මුහුණු දැකලා එපා වෙලා

ටෙලි නාට්‍යවල සහ සිනමාපටවල එකම මුහුණු දැකලා එපා වෙලා. අධ්‍යක්ෂවරුනි, හැමදාම පෙනෙන මුහුණු වෙනුවට නවක කිහිප දෙනෙක් ගන්නවා නම් ඉතාම කාලෝචිතයි.
 

චන්ද්‍රා සමරසිංහ

අවිස්සාවේල්ල

ගීත ප්‍රබන්ධ දිනයක් ප්‍රකාශ කරන්න

මෙරට ගීත රචකයන් වෙනුවෙන් ගීත ප්‍රබන්ධ දිනයක් ප්‍රකාශයට පත් කළොත් හොඳයි.
 

වියානි ගුණවර්ධන

වෙන්නප්පුව

සංකේත් වික්‍රමගේට,

අනවශ්‍ය ලෙස ඔබ ඇඟ කර කැවීමට යාම නිසා ඔබගේ රඟපෑම අසාර්ථක බව නොකියාම බැරිය. මව්පිය ආභාෂය ලැබ දක්ෂ ලෙස රංගනයන් ඉදිරිපත් කිරීමට හිතට ගන්න.
 

කල්‍යාණි ජයන්ති

උණවටුණ

අමන්දා රඟපානවා බලන්න ආසයි

මැදගෙදරින් පසු නිහඬ වූ අමන්දා නිලුක්ෂිගේ රංගනය ආයෙත් දැකගන්න ආසයි.
 

බී. පී. ගම්මුදලි

කඩුගන්නාව

දොන් ගයි ඔබ හොඳයි

රංගන ශිල්පී දොන් ගයිගේ උපන් දිනයට පසු දින මා ඔහුට සුබ පැතුවේය. මා මීට ප්‍රථම ඔහු හා කතාබස් නොකර තිබුණ ද දොන් මාත් එක්ක සුහදශීලී වුණේ බොහෝ කලක් ඇසුරු කළ අයකු ලෙසය. සමහර කලාකරුවන් දුරකතන අංක පළ නොකරන එක ගැන ඔහු කිව්වේ අනුන් කෙසේ වෙතත් මම අංකය පළ කළේ පුංචි තැනින් ආ කලාකරුවකු නිසා රසිකයන් තම අංකය දැනගන්නවාට කැමති බවය.

මා ඔහුගෙන් එදින සමුගත්තේ හොඳ මිනිසකු හමු වූ සතුටිනි.
 

ප්‍රේමසිරි නාරසිංහ

මාතර

පුංචි තිරයේ ලස්සනම නිළියන්

පුංචි තිරයේ ඉන්න ලස්සනම නිළියො තුන් දෙනා තමයි ශෙරිල්, තිසුරි සහ ඩිනක්ෂි.
 

නන්දා ලියනගේ

මහවැව

සිනමා අධ්‍යක්ෂවරුන්ගේ සංසදයට තුති මල් මිටක්

අප රටට මෙන්ම අපේ සිනමාවට ද මෙතෙක් අඩුවක්ව පැවති අන්තර් ජාතික චිත්‍රපට උළෙලක් කොළඹට ගෙන ඒම සහ තණ්හා රති රඟා අපට පහසුවෙන්ම නොමිලයේම නැරැඹීමට ඉඩ ලැබීම ගැන අශෝක හඳගම ඇතුළු සිනමා අධ්‍යක්ෂ සංසදයේ සියල්ලන්ට ප්‍රණාමය.
 

රෝෂිනී ගෝමස්

සුනිමාලි ගෝමස්

ඩඩ්ලි ගෝමස්

මොරටුව

S.M.S.

හෙළ සිනමාවේ නියම නළුවා - රන්මුතු දූව

හෙළ සිනමාවේ නියම චණ්ඩියා - චණ්ඩියා චිත්‍රපටය

නොමියෙන මිනිසා, එමෙන්ම නියම වීරයා, අදටත් ඔබේ ගුණ සුවඳ පැතිරෙනවා.
 

ආනන්ද වික්‍රමආරච්චි

අවිස්සාවේල්ල

ස්වප්නා ටෙලි නාට්‍ය හොඳයි, ලස්සනයි. නමුත් මට තේරෙන්නේ නැහැ එහි රඟපාන නළු නිළියෝ ඇයි ගොඩක් වෙලා මුහුණට මුහුණ බලාගෙන ඉන්නේ ඇයි කියලා.
 

ශ්‍රීමතී

වත්තල

නාට්‍යවේදී රවීන්ද්‍ර ආරියරත්න වේදිකා නාට්‍ය හරහා මෙරට වෙනමම කලා සංස්කෘතියක් උදා කළා කියලා මට හිතෙනවා. එය ඇගයිය යුතුයි. චරිතෙ හොරු අරන් නාට්‍යයෙන් ඔහු තවත් එවන් වු අමුතුම අත්දැකීමක් අප වෙත ගෙන එනවා.
 

හර්ෂනාථ බණ්ඩාර

නිකවැරටිය

පසුගියදා උපන් දිනය සැමරූ සෙනාලි ෆොන්සේකාට මං සුබ පතනවා මීළඟ නිළි රැජන වෙන්න කියලා.
 

උපුල් චන්දුප්‍රිය රණසිංහ

කරන්දෙණිය

ලංකාවේ කොයි තරම් රියැලිටි ෂෝ තිබුණත් සිරස සුපර්ස්ටාර් තමයි අංක එක. එහි තරඟ වැදුණු බොහෝ දෙනා අද හොඳ තැනක ඉන්නවා. කවුරු මොනවා කිව්වත් ඒක තමා ඇත්ත.
 

හිරුෂා

කඩවත

ලෝකයේ හොඳම ළමා නළුවා වූ කෝකිල පවන් ජයසූරිය මල්ලි පොඩ්ඩක්වත් ආඩම්බර නැහැ. හරිම නිහතමානියි. හැමෝත් එක්කම හිනා වෙලා කතා කරනවා. කෝකිල මල්ලියෝ පුංචි වුණත් ඔයා වැඩිහිටියන්ටත් ආදර්ශයක්.
 

ෆාතිමා

වැලිගම

හිරු නාලිකාවේ කොපි චැට් එකට ප්‍රදීප් රංගනව ගෙන්නුවාට ගොඩක් තුති.
 

අසංගිකා

කුරුණෑගල

සුරේන්ද්‍ර පෙරේරා අයියේ, ඔයාගේ පුදුම ලොකුකමක්නෙ තියෙන්නේ. අපි ඔයාට කෝල් කරද්දි ඇයි ආන්ස්වර් කරන්නේ නැත්තේ. වෙන අයට දෙනවා ආන්සර් කරන්න. ඔයා අද ඔය තත්ත්වෙ ඉන්නේ අපි වගේ රසික රසිකාවියෝ නිසයි කියලා මතක තියා ගන්න.
 

නිලුකා ප්‍රියදර්ශනි

නාත්තණ්ඩිය

තව තවත් ඉතිහාසයට සම්බන්ධ චිත්‍රපට බිහි විය යුතුයි. මොකද අපේ මනුස්සයින්ට හැමදේම මතක තියෙන්නේ දවස් දහහතරක් නිසා. ඉතිහාසයත් එහෙමයි.


ඉඳුනිල්

පානකඩුව

ලතා වල්පොල මෙච්චර කල් ගී ගැයීම පුදුමයකි. ඇගේ කටහඬ එදා වගේම ලස්සනයි.
 

මහේෂි

අරනගංවිල

0752805047 අංකයට ක්ෂණිකව එස්. එම්. එස්. මඟින් ප්‍රතිචාර එවන්න. තැපැල් හෝ සටහන් පත් මඟින් නම්

ප්‍රතිචාර සරසවිය,
ලේක්හවුස්, කොළඹ 10 යන ලිපිනය විවෘතය.

www.sarasaviya.lk හරහා වාරණයකින් තොරවම ඔබට ප්‍රතිචාර දැක්විය හැකිය.