වර්ෂ 2014 ක්වූ සැප්තැම්බර් 25 වැනිදා බ්‍රහස්පතින්දා




මහරජ ගැමුණු සමඟ

මහරජ ගැමුණු සමඟ

සංගීතඥ නදීක ගුරුගේ

මම මේ දවස්වල ජයන්ත චන්ද්‍රසිරිගේ මහරජ ගැමුණු චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණ කටයුතු කරමිනුයි සිටින්නේ. එය ඉතා සාර්ථකව කෙරීගෙන යනවා. ලබන සතියේදී මගේ ගුරු ගෙදර වැඩමුළු මාලාවේ දෙවැනි කණ්ඩායම තෝරා ගැනීමේ වැඩසටහන දියත් කරනවා.

ඒ වගේම ඉන්දියාවේ සුප්‍රසිද්ධ සංගීත කණ්ඩායමක් සමඟ වැඩ කටයුත්තකුත් යෙදිලා තියෙනවා. ඊට අමතරව මේ වසර තුළ සංගීත ප්‍රසංගයක් සමඟින් මගේ සංයුක්ත තැටියක් සහ නිල වෙබ් අඩවිය එළි දක්වන්න බලාපොරොත්තු වෙනවා.