වර්ෂ 2014 ක්වූ සැප්තැම්බර් 25 වැනිදා බ්‍රහස්පතින්දා




රිතික් අනූවක් ඉඳීවිලු

රිතික් අනූවක් ඉඳීවිලු

රිතික්ට දුක සැප, රියසක මෙන් නිති පෙරළෙයි. මේ කිසිවක් ඔහුගේ වසර අනූවක ආයු කාලය නතර කිරීමට නම් සමත් නොවනු ඇත. වයස අවුරුදු අනූව වනතුරුම අදිසි බලවේගයකින් ඔහුගේ ජීවිතය පාලනය කරන නිසා බව රිතික් පවසා තිබේ. අනාගතයේදී හොලිවුඩ් රංගනයට ද අධ්‍යක්ෂණයට ද ඔහු පා තබනු නිසැකය.

සීයලා වන රාකේෂ් සහ රාජේශ් සේම, පියා වන රිතික් වාගේම හ්රෙහාන් සහ හ්රිදාන් ද රංගනයට දැන් සිටම කැමැති බව රිතික් පවසන්නේය. එය රසික රසිකාවන්ට නම් සුබම සුබ ආරංචියක් වනු නිසැකය.

රිතික් රඟන නවතම සිනමාපටය ‘බෑන්ග් බෑන්ග්’ ඔක්තෝබර් දෙවැනිදා තිරගතවීමට නියමිතය. එහි ඔහු සමඟ ප්‍රධාන චරිතය රඟන්නේ කත්රිනා කායිෆ්ය.