වර්ෂ 2014 ක්වූ සැප්තැම්බර් 25 වැනිදා බ්‍රහස්පතින්දා




දෝණිගේ අපූරු තෑග්ග

දෝණිගේ අපූරු තෑග්ග

සුනිල් විමලවීරයන්ගේ උපන් දිනය යෙදී තිබුණේ පසුගිය අගෝස්තු මාසයේ 23 වැනිදාටය. එදින සුනිල්ව පුදුමයට පත් කරමින් ඔහුගේ දියණිය අභිෂේකා විමලවීර ඔහු අත තැබුවේ ඔහුගේ නම සහිත පොතකි. ඒ ‘විකසිත සුවඳින් බිඳක් - හුදකලා විරාමයක්’ නම් ඔහු ලියූ ගීත හා කවි රැසක් රැගත් කෘතියකි. කලක පටන් ඔහු ලියූ ගීත හැත්තෑ හතරක් හා කවි හැට අටක් මේ කෘතියට ඇතුළත් විණි.

රණාලේ සුනිල් විමලවීර නමින් පුවත්පත්වලට කවි රචනා කරන සුනිල් විමලවීර රසිකයන්ගේ සිත් අතර රැඳෙන්නට පටන් ගත්තේ ‘හරිම බඩු තුනක්’ චිත්‍රපටයට ඔහු රචනා කළ ‘ඔබගේ රුව මාගේමයි’ ගීතයත් සමඟය. එතැන් පටන් දශක ගණනාවක් ඇතුළත දක්ෂ ගීත රචකයෙක් වන සුනිල් තම ගේය පද සඳහා සරසවිය හා රාජ්‍ය සම්මාන ද ලබා ගත්තේය. සමනල් හැඟුමන් අතරේ, හිරිපොද වැස්ස, ඔය ඇස් පියාන වැනි ගීත රැසක් වර්තමාන ගීත අසන ශ්‍රාවකයන් අතර ජනප්‍රිය විය.