වර්ෂ 2014 ක්වූ සැප්තැම්බර් 25 වැනිදා බ්‍රහස්පතින්දා




සබරගමුවටත් ඡායාරූප

සබරගමුවටත් ඡායාරූප

ඡායාරූප ශිල්පී බර්ටි ගුණසේකර

පසුගිය දවස්වල මා කළ ඡායාරූප ප්‍රදර්ශනයට පැසසුම් රාශියක් ලැබුණා. ඒ එකම ක්ෂේත්‍රයකට සීමා නොවී විවිධ ක්ෂේත්‍රවල ශිල්පීන් ඡායාරූපයට නැඟීම නිසයි. ඉදිරියේදී සබරගමු විශ්වවිද්‍යාලයේ මේ ඡායාරූප ප්‍රදර්ශනය පවත්වන්න යැයි ආරාධනාවක් ද හිමි වුණා.

ඒ සඳහා ඉදිරිපත් කළ ඡායාරූප අළලා පොතක් කරන්න කියලා ලැබුණු ආරාධනයටත් පුංචි සූදානමක් තියනවා. ඒ වගේම සිතට දුක හිතෙන කාරණයකුත් සිදු වුණා. ඒ මා ඡායාරූප ප්‍රදර්ශනයට ඉදිරිපත් කළ සරත් ප්‍රනාන්දු ප්‍රදර්ශනයෙන් පසුව මිය යෑමයි.