වර්ෂ 2014 ක්වූ සැප්තැම්බර් 25 වැනිදා බ්‍රහස්පතින්දා




‘සිංහභූමි’ සමග චිත්‍රාල් රසිකයන් හමුවට

‘සිංහභූමි’ සමග චිත්‍රාල් රසිකයන් හමුවට

චිත්‍රාල් සිටි සෝමපාල ශ්‍රී ලංකාවේදී පළමුවරට සිය කුළුඳුල් ගීත ඇල්බමය පසුගිය 23 වැනිදා කොළඹ ගලදාරි හෝටලයේදී එළිදක්වනු ලැබීය. කලාකරුවන් හා මාධ්‍යවේදීන් රැසක් සහභාගි වූ එම අවස්ථාවේදී චිත්‍රාල් ‘සිංහභූමි’ නම් වූ එම ගීත ඇල්බමය පිළිගන්වනු ලැබුවේ සිය වැඩිමල් සොයුරු ප්‍රසන්න සෝමපාල, ප්‍රියන්ත කොළඹගේ සහ කැළුම් ශ්‍රීමාල් වෙතය.

ප්‍රවීණ සිනමාකරුවන් වන චන්ද්‍රන් රත්නම්, අශෝක හඳගම සහ බූඩි කීර්තිසේන විශේෂ ආරාධිතයන් ලෙස මෙම අවස්ථාවට සහභාගි වූහ.