දිව්රුමක තරම
දිව්රුමක තරම
ටෝනි රණසිංහ කියන්නේ අපේ කලා ක්ෂේත්‍රයේ ප්‍රවීණ රංගධරයෙක්. පුරුද්දක් වශයෙන් ඇලි
ගැලී නොසිටියත් කලකට ඉහත ඉඳල හිටලා මධුවිත ටිකක් තොල ගෑමක් නොකලා නොවෙයි. කාලෙකට
ඉස්සර මේ ජ්‍යෙෂ්ඨ කලාකරුවා තවත් ක්ෂේත්‍රයේම හිතවතෙකුත් පුවත්පත් කලාවේදියෙකුත්
හමු වුණා. එදා සුපිරි අවන්හලකදී මේ තුන්දෙනා සුහද කතාබහක යෙදෙමින් සිටියා.
මේ අතරට තවත් හිතවතෙක් එකතු වුණා. ඒ තමයි මේ සුපිරි අවන්හලේ හිමිකරුවා. ඔහුත් මේ
කතාබහට එකතු වුනත් මධුවිත ටිකක් වීදුරුවකට දමාගෙන එළියට යනවා. නැවතත් ඇතුළට එනවා.
ආයෙමත් වීදුරුවෙන් අඩක් විතර පුරවාගෙන එළියට යනවා. යළිත් ඇතුළට එනකොට වීදුරුව හිස්.
මේ පිරිසත් එක්ක එකතු වී මධුවිත තොල ගාන්නෙත් නැහැ. අනිත් තුන්දෙනාටම මේක ලොකු
ප්‍රශ්නයක්. තුන්දෙනාම අවන්හලේ හිමිකරුට ප්‍රශ්නය යොමු කළා. ඇත්තටම ඇයි වීදුරුව
පුරවාගෙන එළියට යන්නේ ? බොනවද ? විසිකරනවාද ? එකක් නොවෙයි ප්‍රශ්න ගොඩක්.
”මම මේ අවන්හල හදල විවෘත කරන දවසේ නෝනාගේ ඔළුවේ අත තියලා දිව්රුවා. කවදාවත් මේ වහල
යටදී මම බොන්නේ නැහැ” කියලා. “ඒ නිසා තමයි මම එළියට ගිහින් බීලා එන්නේ” අවන්හල
හිමිකරු ටෝනිටයි හිතවතුන් දෙදෙනාටයි පැවසුවා.
|