වර්ෂ 2013 ක්වූ ඔක්තෝබර් 31 වැනිදා බ්‍රහස්පතින්දා




රාන් කුරුල්ලෝ, රතු මකරා චිත්‍රපට නිෂ්පාදක අබිරහස් ලෙස මියගිහින්

රාන් කුරුල්ලෝ, රතු මකරා චිත්‍රපට නිෂ්පාදක අබිරහස් ලෙස මියගිහින්

කලකට ඉහත ජනප්‍රිය නිෂ්පාදකවරයකු වු විජේවර්ධන රාජපක්ෂ මහතා ගල්කිස්ස හෝටලයේ කාමරයක් තුළ අබිරහස් ලෙස මරා දමා ඇතැයි ලද ආරංචිය අනුව එහි සත්‍යතාව සොයා බැලීමට අප උත්සුක විය.

රතු මකරා,රාන්කුරුල්ලෝ ,චිත්‍රපට නිෂ්පාදනයෙන් දායක වු විජේවර්ධන මහතා , ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂ(නැසීගිය)කින්ස්ලි රාජපක්ෂ මහතාගේ සහෝදරයෙකි.

අප යන විටත් විජේවර්ධන රාජපක්ෂ මහතා ගේ මෘත දේහය බොරැල්ලේ බානි රේමන් හි තැන්පත් කොට තිබිණි.

එහි සිටි ඉන්ද්‍රණි රාජපක්ෂ මහත්මිය මිය ගිය තම සහෝදරයාගේ මරණය පිළිබඳ අපට කිව්වේ මෙවන් කතාවකි.

අයියා විවාහ වුණේ ජර්මන් ජාතික කාන්තාවක්.ඒ නිසා අයියට ජර්මන් පුරවැසි බාවය ලැබුණා. පුතාට මාස 10 ක් විතර ඇති මේ අය රට යන කොට. අයියට දැන් අවුරුදු 75ක් වෙනවා. නිවාඩු තියෙන විදිහට අපිව බලන්න ලංකාවට එනව.පසු ගිය ඔක්තෝබර් 17වැනිදා අයියා ලංකාවට ආවේ නොවැම්බර් 05වැනදා නැවත ජර්මන් යන බලාපොරොත්තුවෙන්. සුපුරුදු පරිදි එයා නැවතුනේ ගල්කිස්ස හෝටලේ.පසු ගිය 31වැනිද අපේ ගෙදර ආපු අයිය?ගෙ අදහස වුනේ පදිංචියට ආයෙත් ලංකාවට එන්නයි.මොකද අයිය එන හැම පාරම කිව්වෙ මම කවද හරි මැරෙන්න ඕනේ ලංකාවෙයි කියල.

නොවැම්බර් 01 වැනිද පාටියකට සහභාගි වෙලා රාත්‍රි 11.30ට විතර අයියව හොටලයට ඇරලුවෙත් ළඟම ඥාති පුතෙක්.02වැනිද දවල් මම හෝටලයට කතා කළහම එතෙන ඉන්න අය මගෙ විස්තර අහපු විදිහට මට සැක හිතුන නිසා මම කිව්ව අයිය නැවතිලා ඉන්න කාමරයට මාව සම්බන්ධ කරන්න කියල.

එතකොට හෝටලේ අය කිව්ව තාම මහත්තය අපිට කතා කළේ නැහැ,ඒක තමයි අපිත් මේ බලන් ඉන්නෙ ,මොකද මහත්තය අපිට කියල තියෙනවා එයා කතා කරන කම් ඇහැර වන්න එපා කියල. රූම් එකත් ලොක්කරල තියෙන්නෙ කියලත් කිව්ව.

මම අයියට කතා කළේ එයා 05 වැනිද රට යන නිසා එයාව මුණ ගැහිල එයාට ගෙදර ගෙනියන්න අවශ්‍ය මොනවද දැනගන්න කතා කරගන්න හවස එයා හොටෙල් එකේ ඉන්නවද දැන ගන්නයි.මගෙ ඉල්ලීම නිසා අයියගෙ කාමරය ඇරිය.ඒ අය කිව්වේ මහත්තය නාන කමරය ළඟ මැරී වැටි ඉන්නව කියල.

මගේ අනෙක් සහොදරයන්ට දන්වලා ඉක්මණට හෝටලේට ගිහින් කළුබෝවිල රෝහලට අරන් ගියා .මරණ පරීක්ෂණයේදි කියැවුණේ ස්වාභාවික මරණයක් ලෙසයි.මොළේ නහරයක ලේ කැටියක් හිරවීම නිසා අයියව වැටිල තියෙන්නෙ මැරිලමයි.

ඊළඟට ප්‍රශ්නය වුණේ අයිය මේ රටේ පුරවැසියෙකු නොවන නිසා මෘත දේහය ජර්මනියට යැවිය යුතුයි කියල.අපට ඕන වුණේ අවසන් කටයුතු මෙහේ කරන්නයි ඒඅනුව එයාගෙ බිරිඳ ඉන්ග්‍රිඩ් සහ පුතා අසේලට මේ බව දැන්නුව.ඒ දෙන්නම ආව. අයියගෙ ආශාවත් තිබුණෙ ඉපදුනු රටේදිම මිය යන්නයි. ඒ අයගෙ කැමැත්තත් ලැබුණු නිසා බොරැල්ල කනත්තෙ අවසන් කටයුතු කරන්න අවසර ලැබුණ.