වර්ෂ 2013 ක්වූ ඔක්තෝබර් 31 වැනිදා බ්‍රහස්පතින්දා




මන්ද්‍රා වෙතින් chogm ගීයක්

මන්ද්‍රා වෙතින් chogm ගීයක්

හැකියාවෙන් පිරිපුන් යොවුන් කලාකරුවන් පිරිසකගේ එකමුතුවෙන් බිහි වූ අපූරු ගීතයක් මේ දිනවල ඔබට අසන්නට ලැබිලා ඇති.

‘සිව් මහ පිරිවර රැගෙන
එක්කර බළ මුළු ගන්වා
උතුම් බිමක් උතුම් රටක්
ආයුබෝ වේවා . . .’

‘සිව් මහ පිරිවර’ ලෙස නම් කර ඇති මේ අපූරු ගීතය නිර්මාණය වී තිබෙන්නේ මෙරට පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව වෙනුවෙන්. යොවුන් කලාකරුවන් පිරිසකගේ එකතුවෙන් බිහි වූ Mandra Productions ඉදිරිපත් කරන මෙම ගීතයේ හඬ දායකත්වය ලබා දෙන්නේ නැසීගිය ප්‍රවීණ සංගීතවේදී ග්‍රේෂන් ආනන්දයන්ගේ පුත් මාරියෝ ආනන්ද සමඟින් පූර්ණ සචින්ත, හිරුෂි හිමාෂා ජයසේකර සහ සිතාරා මධුෂානි විසිනි .

මෙහි පද රචනය සහ රූප රචනය වසන්ත සිරිවර්ධනගේ වන අතර මාරියෝ ආනන්ද සංගීත අධ්‍යක්ෂණයෙන් සහාය වී ඇත. ඔහු විසින් සංගීත ක්ෂේත්‍රයට හඳුන්වා දෙන මන්ද්‍රා සංගීත කණ්ඩායම විසින් මෙම ගීතයට සංගීතය සැපයේ.