වර්ෂ 2013 ක්වූ ඔක්තෝබර් 31 වැනිදා බ්‍රහස්පතින්දා




ඒ සිනහ හඬ ඇගේ

ඒ සිනහ හඬ ඇගේ

නාලක විතානගේ අධ්‍යක්ෂණය කළ අලුත්ම චිත්‍රපටය වෙනුවෙන් මාධ්‍ය හමුවක් පසුගියදා ලයිට් හවුස් හෝටලයේ පැවැත්වුණා.

සම්භාවනීය අමුත්තන් ඇතුළු මාධ්‍ය හිතවතුන් පිරිවරා පැවැති මෙහිදී නාලකගේ අලුත්ම ටෙලි නාට්‍යය වන බෝඩිංකාරයෝ නාට්‍යයේ දර්ශන කිහිපයකුත් පෙන්වන්න කටයුතු සූදානම් කරලා තිබුණා.

බෝඩිංකාරයෝ කියන්නේ හාස්‍යෝත්පාදක නාට්‍යයක්. මෙහි දර්ශන අතරතුරේදී හැමෝගේම සිනහව පරදවමින් එක් සිනහවක හඬක් පමණක් විශේෂයෙන් කැපී පෙනුණා.

මුළු ශාලාව පුරාම විහිදුවමින් ඇසුණු ඒ හඬ කාගේද කියන එක හැමෝටම ප්‍රශ්නයක්. ඒ වුණත් දර්ශනය අතරතුර ඒ කවුද කියලා නම් කාටවත් හොයා ගන්න බැරි වුණා.

කොහොම හරි කාලය ගෙවිලා ගිහින් චිත්‍රපටය හා ටෙලි නාට්‍යයේ දර්ශන කොටස් අවසන් වුණා. එසැණින්ම ශාලාවේ අඳුරු බව පහව ගොස් ශාලාව ආලෝකමත් වෙද්දීම හැමෝම බැලුවේ අර සිනහ හඬ ආවේ කොහෙන්ද කියලා. ඒ දිහා බලන කොට එතැන වාඩි වෙලා හිටියේ ජනප්‍රිය රංගන ශිල්පිනී දමිතා අබේරත්න.