වර්ෂ 2013 ක්වූ ඔක්තෝබර් 31 වැනිදා බ්‍රහස්පතින්දා




Top 10 Chart From HOLLYWOOD

Top 10 Chart From HOLLYWOOD

තෝර් මුලට එයි

පසුගියදා අමෙරිකාවේදී තිරගතවීම ආරම්භ කළ Thor චිත්‍රපට මාලාවේ දෙවැන්න වූ The Dark World  චිත්‍රපටය අමෙරිකානු බොක්ස් ඔෆිස් චිත්‍රපට අතරේ පළමු ස්ථානයට පැමිණ තිබේ. ඇලන් ටේලර් අධ්‍යක්ෂණය කළ ක්‍රියාදාම චිත්‍රපටයක් වන මෙහි ක්‍රිස්ටෝපර් හෙම්ස්වෝර්ත්, නටාලි පෝර්ට්මන්, ටොම් හිඩ්ල්ස්ටන්, ඇන්ටනි හොප්කින්ස් ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වෙති. පළමු සති අන්තය වනවිටදී එය ඩොලර් මිලියන 85.7ක ආදාමක් උපයා තිබුණි.

මෙවර දෙවන ස්ථානයේ පසුවෙන්නේ පසුගිය සතිය තුළදී ද එම ස්ථානයේම රැඳී සිටි Bad Grandpa චිත්‍රපටය යි. පසුගිය සති අන්තය වනවිට දී එය ඉපැයූ ආදායම ඩොලර් මිලියන 11.3ක්. අමෙරිකානු බොක්ස් ඔෆිස් චිත්‍රපට දහය අතරේ තෙවැනි ස්ථානයට පැමිණ ඇත්තේ පරිගණක සජිවකරණ චිත්‍රපටයක් වන Free Birds චිත්‍රපටය යි. පසුගිය සතියේ සිව්වන ස්ථානයේ සිටි එය මෙම සතිය අන්තයේදී ඩොලර් මිලියන 11.1ක ආදායමක් වාර්තා කළේය.

මෙම දර්ශකයේ සිව්වන ස්ථානයේ පසුවෙන්නේ පසුගිය සතිය තුළ තෙවැනි ස්ථානය හිමිකර ගෙන සිටි Last Vegas චිත්‍රපටය යි. ජෝන් ටටෙල්ටර්බ් අධ්‍යක්ෂණය කළ එය සතිය අන්තයේදී වාර්තා කළ ආදායම ඩොලර් මිලියන 11ක්. පසුගිය සතියේ අමෙරිකාව තුළ තිරගතවීම ආරම්භ කරමින් පළමු ස්ථානයේ රැඳී සිටි Ender’s Game  චිත්‍රපටය මෙවර පස්වැනි ස්ථානයට පැමිණ තිබේ. සති අන්තය වනවිට එය වාර්තා කළ ආදායම ඩොලර් මිලියන 10.3ක්. අමෙරිකානු බොක්ස් ඔෆිස් චිත්‍රපට දහය අතරේ හයවැනි සතිය ගත කරන Gravity චිත්‍රපටය සති අන්තය වනවිට ඉපැයූ ආදායම ඩොලර් මිලියන 8.54ක්. පසුගිය සතියේ අටවැනි ස්ථානයේ පසු වූ 12 Years a Slave  චිත්‍රපටය මෙම සතිය තුළ හත්වැනි ස්ථානය හිමිකර ගැනීමට සමත් වී තිබේ.

එමෙන්ම දැනට සති පහක් පුරා අමෙරිකානු බොක්ස් ඔෆිස් චිත්‍රපට දහය අතරේ සිටින Captain Phillips චිත්‍රපටය අටවැනි ස්ථානයේ පසු වේ. අමෙරිකාව තුළ තිරගතවීම ආරම්භ කර දෙවැනි සතිය ගත කරන About Time චිත්‍රපටය මෙහි නම්වැනි ස්ථානයට පැමිණ තිබේ. රිචඩ් කර්ට්ස් අධ්‍යක්ෂණය කළ හාස්‍ය රැගත් චිත්‍රපටයක් වන මෙය පසුගිය සතිය අන්තයේදී ඩොලර් මිලියන 4.76ක ආදායමක් වාර්තා කළේය. අමෙරිකානු බොක්ස් ඔෆිස් චිත්‍රපට දහය අතරේ දසවැනි ස්ථානයේ පසු වෙන්නේ Cloudy With a Chance of Meatballs චිත්‍රපටය යි. එය බොක්ස් ඔෆිස් චිත්‍රපට අතරේ දැන් ගත කරන්නේ හත්වැනි සතිය යි. එමෙන්ම පසුගිය සතියේ නවවැනි ස්ථානයේ සිටි The Counselo සහ දසවැනි ස්ථානයේ සිටි Carrie චිත්‍රපට මෙවර ඉවතට ගොස් තිබේ.