|
මේ ප්ලාස්ටික් නොවේ
ප්ලාස්ටික් සැත්කම් වයසට පරදින රුව අලංකාර ලෙස රැක ගැනීමට බොහෝ තරු හා තාරකාවන් යොදා ගන්නා උපක්‍රමයයි. එහෙත් එවැනි උපක්‍රමයක් යොදා නොගෙන හැඩකාර ලෙසින් හතළිස් හතර හැවිරිදි වියේදීත් රුව රැකගත් ජෙනිෆර් ලෝපස්ට මෑතකදී අයුක්ති සහගත චෝදනාවක් එල්ල විය. ඇය ‘අමෙරිකන් අයිඩ්ල්’ විනිශ්චය මණ්ඩලයේ දකිද්දී ප්ලාස්ටික් සැත්කමකට කිහිපවරක්ම ලක් වී ඇති බව හොඳීන්ම පෙනෙන බවට ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යවරයකු වූ වෛද්‍ය අයාමි අල් - අයුබී පවසා තිබිණි. ඔහු සිය අදහස ට්විටර් වෙබ් අඩවියට ද දැන්වූවේය. ජෙනිෆර් ඔහුගේ අදහස සහමුලින්ම ප්‍රතික්ෂේප කරන්නීය. තමන් කිසි දිනක ප්ලාස්ටික් සැත්කමක් කරගෙන නැති බව ඇය ලිපියකින් ද දන්වා තිබේ. මේ දිනවල ඇය ජීවත් වෙන්නේ බෝනිකි ලෝකයකයි. ඇය තම රුව රැගත් බෝනික්කියන් දෙදෙනකු ප්‍රවර්ධනය කිරීමේ යෙදී සිටින්නීය. 1986 දී මයි ලිිට්ල් ගර්ල් සිනමාපටයෙන් සිනමා ගමන ඇරැඹි ඇය තාරකාවක් පමණක් නොව ගායිකාවක ද වන්නීය. ගැයුමෙන් රැඟුමෙන් වසර 2012 දි ඇය ලද ආදායම ඩොලර් මිලියන 250 ඉක්මවීය. ලෝපස් නිතරම සමාන කරන්නේ එලිසබෙත් ටේලර්ටයි. ඒ ඇයගේ මෙන්ම ජෙනිෆර්ගේ ද විවාහ අසාර්ථක වූ නිසයි. ඇය අවසන් වරට ජීවත් වූයේ තෙවැනි සැමියා වූ මාර්ක් ඇන්තනි සමඟයි. මාක් ඇන්තනි ද වරක් විවාහ වූ අයකි. ලෝපස් හා ඇන්තනිට නිවුන් දරුවන් දෙදෙනෙකි. එහෙත් වසර 2012 දී දෙදෙනා දික්කසාද වීමට තීරණය කළහ. දැන් ඇන්තනි හාදකම් පවත්වන්නේ වොලී ග්‍රීන් නම් පිලිප් ග්‍රීන් බිලියනපතියාගේ දියණිය සමඟයි. ජෙනිෆර්ගේ වර්තමාන පෙම්වතා වී සිටින්නේ කැස්පර් ස්මාට්ය. කැස්පර් නළුවෙකි. නර්තන ශිල්පියෙකි. නැටුම් අධ්යක්ෂවරයෙකි. ඔහු ජෙනිෆර්ට වඩා වසර දහඅටක් බාලය. |