වර්ෂ 2013 ක්වූ ඔක්තෝබර් 31 වැනිදා බ්‍රහස්පතින්දා




ගම්පහට යන්නේ කොහොමද?

ගම්පහට යන්නේ කොහොමද?

රංගන ශිල්පී උපාලි කීර්තිසේන පසුගිය දවසක දුම්රියක් හොයා ගන්න බැරුව මරදාන දුම්රිය ස්ථානයේ හැම තැනම ඇවිද ඇවිද හිටියා කියලා ආරංචි වුණා. පසුගිය සතියේ උපාලිට යම් කටයුත්තකට ගම්පහ යන්න වුවමනා වෙලා.

ඉතිං උපාලි මේ ගමන දුම්රියෙන් යන්න තීරණය කරලා. මරදාන දුම්රිය ස්ථානයට ගිය උපාලි ගම්පහට යන්න ප්‍රවේශ පතකුත් අරගෙන. ඒ වෙලාවේ දුම්රිය කිහිපයක්ම තිබුණත් ගම්පහට යන්නේ මොන එකද කියලා ඔහුට හොයා ගන්න බැරි වෙලා.

සෑහෙන වේලාවක් ගතවන තුරුත් උපාලි එහාට යනවාලු. මෙහාට එනවාලු. මොන හේතුවක් නිසාද දන්නේ නැහැ. උපාලි ඒ ගැන අහන කවුරුවත් ඒ ගැන හරියටම දන්නේ නැති අය. දැන් සෑහෙන වෙලාවකුත් ගත වෙලා. බැරිම තැන උපාලි එතැන සිටි නිලධාරියෙකුගෙන් ගම්පහට යන්නේ මොන දුම්රියද කියලා අහලා.

ඔහු උපාලිට මීරිගම යන දුම්රිය පෙන්නලා, එතැනටම එක්කරගෙන ඇවිත් ගනේමුල්ල පහුවුණාම දුම්රිය ස්ථානයෙන් බහින්න කියලා ගියාලු. හරියටම දන්නේ නැතුව උපාලි ගිය මේ ගමනේදි ඔහු ගම්පහ දුම්රිය ස්ථානයෙන්ම බැහැගත්තාද කියලා නම් තවම ආරංචි නැහැ.