වර්ෂ 2013 ක්වූ ඔක්තෝබර් 31 වැනිදා බ්‍රහස්පතින්දා




ළමා නාට්‍ය උළෙලේ දස්කම් පෑ හොරණ විද්‍යාරත්නයේ දක්ෂයෝ

ළමා නාට්‍ය උළෙලේ දස්කම් පෑ හොරණ විද්‍යාරත්නයේ දක්ෂයෝ

2013 රාජ්‍ය ළමා නාට්‍ය උළෙල අවසන් වූයේ හොරණ විද්‍යාරත්න විද්‍යාපීඨයට ජයග්‍රහණ රැසක් ලබා දෙමිනි. ඒ සිංහල අංශයේ හොඳම නළුවා, ඉංග්‍රීසි (විවෘත) අංශයේ හොඳම නළුවා හා හොඳම සහාය නළුවා ඇතුළු සම්මාන රැසක් ලබා ගනිමින්. මේ විද්‍යරත්නයේ හොඳම නළුවන් සරසවියට තමන්ගේ සතුට ප්‍රකාශ කළ අයුරුයි.

සිංහල අංශයේ හොඳම නළුවා ලක් කාන්ත විහඟ අබේවික්‍රම.

පුබුදු සුභාෂණ කෑරගල සර් අධ්‍යක්ෂණය කරපු ‘පාට තුනයි එකම මලයි’ නාට්‍යයේ රඟපෑම වෙනුවෙන් මේ සම්මානය මට ලැබුණා. මේ සම්මානයට අමතරව තව නාට්‍යවල රඟපෑම වෙනුවෙන් මට සම්මාන ලැබිලා තියෙනවා.

ඉංග්‍රීසි අංශයේ හොඳම නළුවා වූ දුලාජ් චාමර හසලංක.

‘අ වන්ඩර්ෆුල් ගිෆ්ටි ෆෝ බෝබ්’ කියන ඉංග්‍රීසි නාට්‍යයේ බෝබි වෙනුවෙන් හොඳම නළුවාට සම්මානය ලැබුණා. එය අධ්‍යක්ෂණය කළේ සිසිර ජයකොඩි සර්. 2011 වසරේදී සුභාෂණ කෑරගල සර්ගේ ‘චූටි බබා ලොකු ළමයෙක්’ නාට්‍යය වෙනුවෙන් සීමිත අංශයේ හොඳම නළුවා වුණා. 2013 වසරේදී ‘මමයි මමයි හරි යාළුයි හා එහි ඉංග්‍රීසි අංශයේ නාට්‍යය වෙනුවෙන් හොඳම සහාය නළුවාට සම්මාන ලැබුණා. ඊට අමතරව මේ දිනවල සිරස රූපවාහිනියේ චණ්ඩි කාටුන් එකේ චණ්ඩිට හඬ කවනවා.

හොඳම සහාය නළුවා වූ සිනෙත් මධුෂාන්.

පාට තුනයි එකම මලයි නාට්‍යය වෙනුවෙන් මම හොඳම සහාය නළුවාට සම්මාන ලබා ගත්තා. සුභාෂණ සර් තමයි අපි හැමෝම නාට්‍ය අංශයෙන් ඉහළට යන්න පුරුදු පුුහුණු කරන්නේ.

විද්‍යාරත්න විශ්ව විද්‍යා පීඨය පිරිවනෙහි ඉගෙනුම ලබන මේ දක්ෂයින් තිදෙනාම කියා සිටියේ එකම කතාවකි. ඒ පිරිවෙනෙහි නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ වන (පීඨාධිපති) පූජ්‍ය ඕපල්ලේ ඥානසිරි හිමි ඇතුළු ගුරුවරුන් ලබා දෙන සහයෝගය හා මේ සඳහා නන් අයුරින් කැප වූ හැමෝටම ස්තුතියි යන්නයි.