වර්ෂ 2013 ක්වූ ඔක්තෝබර් 31 වැනිදා බ්‍රහස්පතින්දා




ඔරලෝසුවයි - දුම්රියයි

ඔරලෝසුවයි - දුම්රියයි

‘චෙන්නායි එක්ස්ප්‍රස්’ අති සාර්ථකත්වයත් සමඟ ෂාරුක් දුම්රිය ගැන මතකය අවදි කළේය. කි‍්‍රෂ් 3 සාර්ථකත්වය සමඟ රිතික් සිහියට නඟන්නේ ඔරලෝසු පිළිබඳ මතකයයි.

ඔහුට මුල්ම අත් ඔරලෝසුව ලැබී තිබෙන්නේ පෙම්වතියගෙනි. ඒ අන් කිසිවකුගෙන් නොව බිරිය සුසේන්ගෙනි. පොකට් මනිවලින් ඇය මිල දී ගත් ඔරලෝසුවට තවමත් රිතික් ඇලුම් කරන්නේය. දින හතට වෙන් වූ ඔරලෝසු හතක් ඔහුට තිබේ. රිදී පටියක් සහ විශාල මූණතක් ඇති ඔරලෝසුවකට රිතික් වැඩි කැමැත්තක් දක්වයි.

රංගනයට පිවිසි අලුත රිතික්ගේ පියා, රාකේෂ් නිතරම ඔහුට වෙලාවට වැඩ කරන්නේ නැති බවට චෝදනා එල්ල කළේය. ‘එක්කෝ ඔබ වේලාසන වැඩියි. නැතිනම් ප්‍රමාද වැඩියි’ පැවසුවේය. ඒ නිසා නියම වෙලාවට වැඩ කිරීමේ පුරුද්ද ඇති වූ බව රිතික් පවසන්නේය. ඔහු මේ සියල්ල හෙළි කළේ ‘රාඩෝ’ ඔරලෝසු ප්‍රදර්ශනයක් විවෘත කරමිනි.

රිතික්ගේ ‘ක්‍රිෂ් 3’ මේ වන විට කෝටි 200 ට වැඩි ආදායමක් උපයා අවසන්ය.