අජන්තා - රණසිංහ මාවතට ගිහින්
අජන්තා -
රණසිංහ මාවතට ගිහින්
කලා ක්ෂේත්‍රයේ වගේම මාධ්‍ය ක්ෂේත්‍රයටත් විශාල මෙහෙවරක් කළ අයෙක් තමයි අජන්තා
රණසිංහ. එදා මෙදා තුර ඔහු අතින් හෙළ ගීත ක්ෂේත්‍රයට ලියවුණ ගීත සංඛ්‍යාව ඉතා
විශාලයි.
මේ දක්වා කාලයක් මේ සොඳුරු කලාකරුවා වගේම ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියා පදිංචි
වෙලා හිටියේ තමන්ගේම මහන්සියෙන් හදාගත් තමන්ගේම නිවෙසකයි. ඔහු කියන්නේ ඒ නිවසේ
බිත්තිවල තියෙන්නේ තමන්ගේ අත්වලින් ලියවුණු ගී පදවල මහන්සිය කියලයි. එදා මෙදා තුර
තමන් අතින් ලියවුණ ජෝති, ලතා ගායනා කරන මිහිරි ගීතත් නිතර මේ නිවෙස තුළ අසන්න
ලැබුණා.
මේ විදියට කාලයක් ගත වෙලා. ආචාර්ය අජන්තා රණසිංහයන් දැන් සිය පදිංචිය වෙනස් කරලා.
ඔහු දැන් පදිංචි වෙලා සිටින්නේ තම ආදරණීය පුතණුවන්ගේ නිවෙසේයි.
මේ නව නිවෙස පිහිටලා
තියෙන්නේ 11/4, රණසිංහ මාවත, හිරිපිටිය, පන්නිපිටිය කියන ලිපිනයේ. මෙහි විශේෂත්වය
තමයි ආචාර්ය අජන්තා රණසිංහගේ දැන් පදිංචියත් රණසිංහ මාවතේ වීමයි. වෙනත් අය පදිංචියට
ගියාට පසුව තමයි ඔවුන්ගේ නම්වලින් පාරවල් නම් කෙරෙන්නේ. ඒත් මෙයා යන්න කලින්ම පාර
මෙයාගෙම නමින් නම් කරලා කියලා ඔහුගේ මිතුරන් දැන් ඔහුට විහිළු කරනවාලු.
|