නැති වූ ඔස්කාර්
නැති වූ ඔස්කාර්
සම්මානයක අගය, සම්මානය හිමි තැනැත්තාට වඩා අනෙක් තැනැත්තාට දැනුණොත් අති භයානකය.
ජෙනිෆර් ලෝරන්ස්ගේ ඔස්කාර් සම්මානයේ අගයත් වෙන කෙනකුට දැනී ඇති ගානයි.
සිල්වර් ලයිනිංස් ප්ලේබුක් (2012) සඳහා ඇය දිනාගත් ඔස්කාර් සම්මානය අතුරුදන් වී
තිබේ. ඔස්කාර් සම්මානය කෙන්ටකි නිවෙසේත් නැත්නම් එය සොරාගෙන ඇති බව ඇය පවසන්නීය.
ජෙනිෆර් මේ දිනවල නිව් හන්ගර් ගේම්ස් සිනමාපටය ප්‍රවර්ධනය කරමින් සිටින්නීය.
මේ කටුක අත්දැකීමට මුහුණ පෑ පළමු තාරකාව ලෝරන්ස් නෙවෙයි. ඇන්ජලිනා ජොලීට ‘ගර්ල්
ඉන්ටර්රප්ටඩ්’ රංගනයට හොඳම සහාය නිළිය ලෙසින් ලැබුණු සම්මානය ද, ‘ගෝස්ට්’ රංගනයට
හොඳම සහාය නිළිය ලෙසින් වූපි ගෝල්ඩ්බර්ග්ට ලැබුණු සම්මානය ද, ‘මූන්ස්ට්‍රක්’ රංගනයට
ඔලිම්පියා ඩුකාකිස්ට ලැබුණු සම්මානය ද ‘ඔන් ද වෝටර්ෆ‍්‍රන්ට්’ රංගනයට මාලන්
බ්‍රැන්ඩෝට ලැබුණු සම්මානය ද, ‘ක්‍රේසි හාට්’ රංගනයට ජෙෆ් බ්‍රිජස්ට ලැබුණු සම්මානය
ද, මාගරට් ඕ බ්‍රීන්ට ළමා නිළියක ලෙස ලැබුණු සම්මානය ද, ‘ගොයිං මයි වේ’ සිනමාපටයට
බිං ක්‍රොස්බිට ලැබුණු සම්මානය ද, ‘ගෝන් විත් ද වින්ඩ්’ සිනමාපටයට හැටී මැක්
ඩැනියල්ට ලැබුණු සම්මානය ද අතුරුදන් වූ ඔස්කාර් සම්මාන අතර තිබේ.
|