බාඩෝගේ නිවෙස විකිණේ
බාඩෝගේ නිවෙස විකිණේ
‘බ්‍රිජට් බාඩෝ’ එක්දහස් නවසිය පනහ – හැට දශකකයන්හි තරුණයන් උමතු කළ ප්‍රංශ
සරාගිනියයි. නිළියක ලෙස ඇය ලොවම කැලඹුවාය. බිකිනි විලාසිතා, මී වදයක් වැනි කොණ්ඩා
විලාසිතාව, ගින්හැම් රෙදි ජනප්‍රිය කිරීමට බාඩෝ මුල පිරුවාය. ‘ද බීට්ල්ස්’ කණ්ඩායමේ
ජෝන් ලෙනන්, පෝල් මැකාට්නි වැන්නන් පවා බ්‍රිජට් බාඩෝට උමතු වූ අයයි.
බ්‍රිජට් සිව්වරක් විවාහ වූවාය. ඇයගේ තෙවැනි සැමියා බවට පත් වූයේ ගන්ටර් සැක්ස් නම්
ජර්මානු ඡායාරූප ශිල්පියකු හා කතුවරයායි. විවාහය පැවතුණේ තෙවසරක් වුව ද, ඔවුන්
දෙදෙනා ජීවත් වූ පර්සියානු නිිවෙස අදට ද ජනප්‍රියය. ළඟදීම මේ නිවෙස පවුම් මිලියන
5.1 කට වෙන්දේසි කිරීමට නියමිතය.
බාඩෝ වරක් ගීතයක් ද මෙහි පටිගත කළාය. එහෙත් සැක්ස්ගේ විරෝධතාව නිසා ගීතය නිකුත්
නොකෙරිණි. දැන් බ්‍රිජට් බාඩෝ සත්ත්ව අයිතිවාසිකම් උදෙසා සටන් කරන්නියකි.
|