වර්ෂ 2013 ක්වූ ඔක්තෝබර් 31 වැනිදා බ්‍රහස්පතින්දා




‘තරු අතර මම’ ඉන්දියාවේ වැඩ නිම වේ

‘තරු අතර මම’ ඉන්දියාවේ වැඩ නිම වේ

අවංකභාවය, මනුෂ්‍යත්වය ජීවිත ඉරණම කෙරෙහි බලපාන ආකාරය පිළිබඳ විග්‍රහයක් රැගත් තරු අතර මම සිනමාපටයෙහි රූගත කිරීම් පසුගියදා නිමවිණ.

එහි වර්ණ සංයෝජනය සහ ශබ්ද මිශ්‍රණය මේ දිනවල ඉන්දියාවේ මුම්බායි හි සිදුවේ.

ඒ සඳහා තරු අතර මම හි අධ්‍යක්ෂ බුද්ධි වික්‍රමආරච්චි, කැමරා අධ්‍යක්ෂ ධම්මික රත්නායයක, සංස්කරණ ශිල්පී රංග සිංගාරගේ සහ සහාය අධ්‍යක්ෂ ජනක ආර්. දොම්මිතගේ සහභාගී විය.

චරිත කිහිපයකට පමණක් සීමා වූ මෙම සිනමාපටය සඳහා පාලිත සිල්වා, දිල්හානි ඒකනායක, පුබුදු චතුරංග, රොෂාන් රවීන්ද්‍ර සමඟ ශේෂද්‍රි දායක වේ.