ස්ක්‍රිප්ට් ඇත ප්‍රඩියුසර් නැත
ස්ක්‍රිප්ට් ඇත
ප්‍රඩියුසර් නැත
අකිල සඳකැළුම් වර්තමාන රංගන ක්ෂේත්‍රයේ සිටින ජනප්‍රිය රංගන තරුවක්. ඔහු රංගනයෙන්
දායක වුණ සිහින තාරකා, ආදර වසන්තයක් ටෙලි නාට්‍ය ඉතාමත් ජනප්‍රියයි. රන්ජන් රාමනායක
අධ්‍යක්ෂණය කරන ඩොක්ටර් නවරියන් චිත්‍රපටයේත් අකිල රංගනයෙන් දායක වෙනවා. රංගනයට
අමතරව අකිලගේ තවත් සුවිශේෂ හැකියාවක් තියෙනවා. සරසවිය පාඨක ඔබ නම් දැනටමත් ඒ ගැන
දැනුවත් ඇති.
රංගන ශිල්පියෙක් වගේම ඔහු තිර පිටපත් රචකයෙක්. ඔහු පිටපත් කළ ‘වීණාවී’ ටෙලි සිත්තම
ළඟදීම පුංචි තිරයෙන් ඔබ හමුවෙන්නත් නියමිතයි. එහි තවත් පියවරක් විදියට අකිල තවත්
ටෙලි පිටපතක් රචනා කරලා. ඒත් ඉතිං ඉක්මනට රූගත කිරීම් පටන් ගන්න එක නම් ඔහුට
ගැටලුවක් වෙලා. ඒ නිෂ්පාදකවරයෙක් නොමැති වීම නිසා. මේ දවස්වල අකිල අලුත්ම
ස්ක්‍රිප්ට් එක ළඟ තියාගෙන නිෂ්පාදකවරයෙක් හමුවෙනකල් බලාගෙන ඉන්නවා.
|