|
දෙරණ City of Dance අවසන් රැයෙහි අසිරි සිරිය
නර්තන කිරුළ සජිත අනුත්තර ඇන්තනි ට
රැඟුම්වලින් අලංකාර වූ මේ සුන්දර අමරණීය සිහිවටන තැබූ රැයෙහි සිවුවැනි තැන දිනා ගනු ලැබුවේ අචිනි ගුණරත්න සහ ළහිරු රෝෂණ විසිනි. මේ ඒ අති සුන්දර ඉමිහිරි රැයෙහි මතක රූ කිහිපයකි.
මේ ලෝකේ ඉන්න හොඳම අයියා
සජිත තරගයේ ජයග්‍රාහකයා වුණේ හැමෝගෙම හිත්වල අලුත් බලාපොරොත්තු රැසක් ඉතිරි කරමිනි. මේ තරගාවලියේ දී සජිත ගේ අවසන් ජයග්‍රාහී රංගනයේ සුවිසල් ශක්තියක් වන්නට සජිතගේ අයියා අඛිල ද නර්තන කණ්ඩායමට එක් වුණා. සජිත තමන්ගේ විස්මිත නර්තන පෙළහැර පෑම සඳහා තමාගේ අයියාගේ පුළුල් පිට කොන්ද මත නැඟී රංගනයක යෙදුණා. මල්ලීගේ ජයග්‍රහණය වෙනුවෙන් අයියා පිට දී සිටියේ හරිම අපූරුවටයි. තරගයේ ජයග්‍රහණයෙන් අනතුරුව සජිතගේ සංවේදී අපූරු කතාව මුළු මහත් රසිකයන්ගේම සිත් මෙන්ම නෙත් ද සතුටින් පුරවාලන්නට සමත්වුණා. ‘මේ ලෝකේ ඉන්න හොඳම අයියා ඉන්නේ මට. අර ඉන්නේ එයා. එයා මට පුදුම ශක්තියක් වුණා. මේ ජයග්‍රහණය කරා මාව ගෙනාවේ ඔයා. මං කවදාවත් අයියට ආදරෙයි කියලා නැහැ. ආදරේ වුණාට පෙන්නලත් නැහැ. අයියේ, මම ඔයාට ගොඩක් ආදරෙයි’. සජිත ජයග්‍රාහී වේදිකාවේ ඉඳන් එහෙම කියන කොට ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනි ගේ සහ කුමාරි මුණසිංහගේ වගේම බලන් හිටිය හැමෝගෙම නෙත මත පිබිදුණේ සතුටේ සහ සහෝදරත්වයේ සුන්දර කඳුළක්.
|