වර්ෂ 2013 ක්වූ ඔක්තෝබර් 31 වැනිදා බ්‍රහස්පතින්දා




මහා බ්‍රහ්ම ඉවරයි

මහා බ්‍රහ්ම ඉවරයි

සුමිත් ගල්හේන අධ්‍යක්ෂණය කරන මහා බ්‍රහ්ම සිනමාපටයෙහි රූගත කිරීම් පසුගියදා අවසන් විය. ඓතිහාසික කතා පුවතක් ඔස්සේ නිර්මාණය වන මහා බ්‍රහ්ම හි විමල් කුමාර ද කොස්තා, ක්ලීටස් මෙන්ඩිස්, අනූෂා දමයන්ති, ජයරත්න ගලගෙදර, සංජු රොඩ්‍රිගෝ, ශාන් කරන්නාගොඩ, නිපුන් ලංකා, සංජුල දිවාරත්න, ශ්‍යාමලී වරුසවිතාන, ෂර්ලි ජයසිංහ ඇතුළු රංගන ශිල්පීන් රැසක් රංගනයේ යෙදෙති.

ශාන් කරන්නාගොඩ කතාව, දෙබස්, තිර රචනයෙන් දායක වූ මෙහි නිෂ්පාදනයට ශාන් සමඟ ප්‍රදීප් චමින්ද එක්ව ඇත.

මහා බ්‍රහ්ම සිනමාපටය සුමිත්ගේ දෙවැනි අධ්‍යක්ෂණය වන අතර සක්විති දඩයම ඔහුගේ පළමු සිනමා අධ්‍යක්ෂණයයි.