වර්ෂ 2013 ක්වූ ඔක්තෝබර් 31 වැනිදා බ්‍රහස්පතින්දා




නාලකගේ චිත්‍රපට ද්විත්වයක් ලබන වසරේ

නාලකගේ චිත්‍රපට ද්විත්වයක් ලබන වසරේ

නාලක විතානගේ අධ්‍යක්ෂණය කරනු ලැබූ චිත්‍රපට ද්විත්වයක් ලබන වසරේ සිට තිරගත වීමට සූදානමින් ඇත. ‘රූපාන්තරණ’ ඉන් එකකි. ත්‍රස්තවාදය යන බිහිසුණු විෂය වටා ගෙතුණු තාරුණ්‍යයේ දඩබ්බර කතා පුවතක් රැගත් මෙය මඟින් නවක තරු හතරක් සිනමාවට එක්වීම සුවිශේෂීය.

ඒ අමිල කරුණණානායක, ශෙලා නැතෑනියල්, මිලින්ද මඬුගල්ල සහ කැලුම් කුලරත්නයි.ඔවුන්ට රූපාන්තරණයෙහි රංගනයට ප්‍රථම විශේෂ පුහුණුවක් ද ලබාදුන් බව අධ්‍යක්ෂවරයා පැවසී ය.

ඒ අයට අමතරව කලකින් රිදී තිරයෙන් නොදුටු තිස්ස විජේසුරේන්ද්‍ර සහ ඇන්ජලා සෙනෙවිරත්න සමඟ රවීන්ද්‍ර රන්දෙණිය, රන්ජන් රාමනායක, දමිතා අබේරත්න, සාරංග දිසාසේකර, නයනා කුමාරි රූපාන්තරණ සඳහා රංගනයෙන් දායක වෙති.

රහස් පරීක්ෂක කතා තේමාවක් රැගත් අග්නි වර්ෂා නාලකගේ තෙවැනි චිත්‍රපටයයි. එය ද ලබන වසරේ ප්‍රදර්ශනය වනු ඇත.

පාලිත සිල්වා, ශි‍්‍රයාණි අමරසේන, අනූෂා දමයන්ති, හිමාලි සිරිවර්ධන, කැලුම් කුලරත්න මේ චිත්‍රපටයේ චරිත මවනු ලබති.