|
|
සුගතපාල සෙනරත් යාපා සංජනනී හරසර සම්මානය පුද ලබයි
1965 වසරේ නිෂ්පාදනය කරන ලද ‘මිනිසා සහ කපුටා’ කෙටි චිත්‍රපටය වෙනුවෙන් ඉන්දීය ජාත්‍යන්තර කෙටි චිත්‍රපට උළෙලේදී රජත මයුර සම්මානය දිනාගත් සුගතපාල සෙනරත් යාපා ‘හන්තානේ කතාව‘, ‘පෙම්බර මධු’, ‘ඉන්දුට මල් මිටක්’ ආදී චිත්‍රපට රැසක් දේශීය සිනමාවට දායක කළේය. ඔහු ‘පස්වැන්න’, ‘ගරුඩගල’, ‘උඩවැඩියා මල් දෙකක්’, ‘අනාගතය උපන් දවස’, ‘ඉසුරු සයුර’, ‘දළදා සිරිත’, ‘ආචාර්ය කොල්වින්’, ‘රන්දිය දහර’, ‘අපට හෙටක් ඇත’ සහ ‘පියා සහ දරුවෝ’ වැනි වාර්තා චිත්‍රපට රැසක් නිර්මාණය කළ අතර එයින් ‘ගරුඩගල’ වාර්තා චිත්‍රපටය සඳහා 15 වැනි ඉරාන අන්තර් ජාතික චිත්‍රපට උළෙලේදී ශ්‍රීී ලංකාවට රජත සම්මානය හිමිකර දුන්නේය. සිනමාවට නිර්මාණකරුවන් රැසක් හඳුන්වා දෙමින් විශ්වවිද්‍යාල සිනමා පාඨමාලා හි බාහිර කථිකාචාර්යවරයෙක් ලෙස කටයුතු කළ සුගතපාල සෙනරත් යාපා කලක් ජාතික රූපවාහිනියෙහි නියෝජ්‍ය අධ්‍යක්ෂවරයකුව සිටියේය. මේ සම්මාන පිදීමේ උළෙලට කැලණිය විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය සරත් අමුණුගම, මහාචාර්ය ඒ. එච්. එම්. එම්. අබේරත්න, මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස, මහාචාර්ය චන්ද්‍රසිරි රාජපක්ෂ,ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අරුණ ලොකුලියන, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විජයානන්ද රූපසිංහ යන විද්වතුන් ඇතුළු පිරිසක් සහභාගි වූහ. ආරාධිත දේශනය සිදු කළේ මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාසයි. |



ඡායාරූපයෙන් දැක්වෙන්නේ කැලණිය විශ්වවිද්‍යාලයේ සංජනනී හරසර සම්මාන උළෙලේ දී
ජ්‍යෙෂ්ඨ සිනමාවේදී සුගතපාල සෙනරත් යාපාට සංජනනී හරසර සම්මානය පුදන ලබන අයුරුයි. මේ
සම්මානය පිරිනමන්නේ කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශය මඟින් අධ්‍යයන
අංශයේ සංජනනී මාධ්‍ය කලා මංගල්‍යයට සහගාමීව හා එහි ආචාර්ය මණ්ඩලයේ ඒකමතික තීරණයකට
අනුව කලාව විෂයෙහි සුවිශේෂී සේවයක් සිදු කළ විශිෂ්්ට නිර්මාණකරුවෙක් විෂයෙහි
ජීවිතයෙහි එක් වරක් පමණක් පිරිනමන උත්තම සම්මානයෙනි.