වර්ෂ 2013 ක්වූ ඔක්තෝබර් 31 වැනිදා බ්‍රහස්පතින්දා




සුළඟ එනු පිණිස නොකැපී ගෙදරට

සුළඟ එනු පිණිස නොකැපී ගෙදරට

කාන් සිනමා උළෙලේ සිනමා කරුවකුගේ පළමු කෘතියට පිදෙන ඉහළම සම්මානය වූ කැමරා ඩියෝ සම්මානයෙන් පිදුම් ලද එකම සිංහල චිත්‍රපටය සුළඟ එනු පිණිස චිත්‍රපටයේ වාරණය නොකරන ලද සම්පූර්ණ ඩී. වී. ඩී. ය දැන් නිකුත් වී ඇත. විමුක්ති ජයසුන්දර අධ්‍යක්‍ෂණය කළ මෙම චිත්‍රපටයේ මහේන්ද්‍ර පෙරේරා, හේමසිරි ලියනගේ, නිලුපුලී ජයවර්ධන, කෞෂල්‍යා ප්‍රනාන්දු, සෞම්‍ය ලියනගේ, ප්‍රමුදික සපූර්ණි පීරිස් ආදීහු චරිත මවන ලදී.

මහත් ආන්දෝලනයකට ලක් වූ චිත්‍රපටයක් වූ සුළඟ එනු පිණිස මෙවර එළි දකින්නේ ටොරානා වීඩියෝ මූවීස් ලේබලය යටතේය.