|
අර්ජුන්ගෙන් අහන්න
අගනුවර තිබූ රුක්මණී, ජෙසීමා, සෙල්ලමහල්, ගෙයිටි සිනමාශාලාවලට මොකද වුණේ? අද වනවිට එම ස්ථානවල කෙරෙන්නේ මොනවද?
කරු මන්දාවල – නාත්තන්ඩිය. එම සිනමාශාලා සමහරක් කඩා ඉවත්කරලා, සමහර ස්ථාන ප්‍රකට ව්‍යාපාරික ස්ථාන වෙලා. කිසිම දෙයක් සදාකාලික නැහැ නේද කරූ.
අල්හාජ් මොහිදීන් බෙග් මහතා බොදු බැති ගී විශාල ප්‍රමාණයක් ගායනා කළ දක්‍ෂ ගායන ශිල්පියෙක්. එහෙත් ඔහු අගයනවා මදි නේද? ඒ පිළිබඳ ඔබගේ අදහස? පී. වයි. අනුලාවතී – කුඩගම, අවිස්සාවේල්ල.
‘අගයනවා’ කියන වචනයේ තේරුම මොකක්ද අනුලා. එතුමන්ගේ ගීත ශ්‍රවණය කිරීම, එතුමන්ගේ හැකියාව ගැන කතා කිරීමම එතුමන්ව අගය කිරීමක් නේද? හැම බෞද්ධ උත්සවයකදීම එතුමන්ගේ ගීත ප්‍රචාරය වෙනවනේ. ඒකම මදිද.
සිංහල සිනමාවේ ප්‍රථමවරට පැවිදි චරිතයක් නිරූපණය කළ නළුවා කවුද? කේ. ජී. සෝමදාස - තඹවිට. ‘අශෝකමාලා’ චිත්‍රපටයට, තවුසකුගේ චරිතයකට පණ පෙව්වේ ආචාර්ය, පණ්ඩිත් අමරදේවයන්. එහිදී භවේ හීන පරදා හා ඇයි කළේ යමෙක් ගීත දෙක ද ගායනා කළා. මේ තමයි අපේ මුල්ම පැවිදි චරිතය.
චිත්‍රපට, ටෙලි නාට්‍ය මාෆියාවක් ගැන නිතරම අහන්න ලැබෙනවා. එහෙම වෙන්නේ ඇයි? කලා ලොවෙත් තග්ස්ලා ඉන්නවාද? සුජාතා ගුණවර්ධන – කඩවත. සුජාතා, බොහෝ මැසිවිලි නැෙඟන්නේ වැඩ බැරි වූ විට නේද?
සමහර නිෂ්පාදක, අධ්‍යක්‍ෂවරුන්ගේ චිත්‍රපට අවුරුදු ගණන් පෝලිමේ තිබියදී අනෙක් අයගේ චිත්‍රපට ඉතා ඉක්මනින් ප්‍රදර්ශනය කරන්නේ ඇයි? සරත් රණසිංහ – කපුගොඩ. සරත්, සමහර නිෂ්පාදකයින් තමන්ගේ චිත්‍රපට ප්‍රදර්ශනය කරන්න උනන්ද්‍රවක් නැහැ. සමහරු උනන්දු වෙලා ප්‍රදර්ශනය කරවාගන්නවා. ඒ වගේම ප්‍රදර්ශකයන් වැඩිය සෙනඟ ඇදෙන්නේ නැති චිත්‍රපට ඉක්මනින් ඉවත් කරනවා. මේ කර්මාන්තය පවතින්නෙත් දක්‍ෂතාව මතයි.
විජය, සනත්,ජීවන්, මාලනී, සබීතා එකට රඟපෑ චිත්‍රපටය කුමක්ද? යූ. ජී. පාලිත කුමාරසිංහ – ගඩලාදෙනිය. අනේ පාලිත, නොදන්නවා වගේ අහන හැටි. ඒ ‘නැවත හමුවෙමු’ චිත්‍රපටයනේ.
කලින් ඔබ සඳහන් කළා ‘සඳළු තලෙන් එහා’ චිත්‍රපටය එකදු නිළියක්වත් නොසිටි පළමු චිත්‍රපටය බව. මට මතක හැටියට නම් එය ‘හාර ලක්‍ෂය’ නේද? උපාලි අමරසිංහ – මාවනැල්ල. උපාලි, හාර ලක්‍ෂය චිත්‍රපටයේ ඔබට මතක නැතුවට මුල් කොටසේ ජනපි‍්‍රය නොවුවත් අතිරේක නිළියන් දෙදෙනෙක් සිටිනවා. ඒ වගේම චිත්‍රපටය ආරම්භයේ වතු බංගලාවේ මුදල් සොරකමේ දී එය පැහැර ගන්නේ කාන්තාවක් බව අමතක කරන්න එපා. සඳළු තලෙන් එහා චිත්‍රපටයේ එහෙම කාන්තාවෝ නැහැ. හැබැයි ඉතින් නිළියන් නැති චිත්‍රපට නිකං පරිප්පු නැති හෝටලේ වගේ නේද?
හිතවත් අර්ජුන්, සිංහල සිනමාවේ සිහින කුමරු විජය කුමාරණතුංග සහ හින්දි සිනමාවේ සිහින කුමරු රාජේශ් ඛන්නා අතර ඔබ දකින සමානකම කුමක්ද? එම්. ඉන්ද්‍රපාල – මුංහේන. මට නම් කිසිම සමානකමක් පේන්නේ නැහැ. විජය රාජේශ්ට වඩා දක්‍ෂ බවයි මගේ හැඟීම.
දක්‍ෂ නිළියක් මෙන්ම නිවේදිකාවක්ද වූ නදීශා හේමමාලී නිහඬ ඇයි?
නීටා මර්සලීන් – වරාගොඩ, කැලණිය. ඇය වැනි වත්මන් පරපුරේ දක්‍ෂ නිළියක් රඟපෑමෙන් ඉවත්වෙයි කියා මා සිතන්නනේ නැහැ. කොහොම වුණත් ඇගේ තියෙන විශේෂත්වය නම් ඇය තෝරා බේරාගෙන රඟපානවා මිසක් බොරු රඟපෑම් නැති බවයි. මේ දවස්වලත් ඇය අලුත් නිර්මාණයකට දායක වෙනවා ඇති.
බටහිර සිනමාවේ ‘ටූ සර් විත්ලව්’ වැනි චිත්‍රපටවල රඟපෑ සිඩ්නි පොයිටියර් හා විශිෂ්ට සටන් නළු ජිම් බ්‍රවුන් යන දෙදෙනා මෑතකදී නිර්මාණවලින් දුටුවේ නැහැ. ඔවුන් සිනමාවෙන් ඉවත් වෙලාද? ජානක ඉලුක්කුඹුර – කඩවත. පොයිටියර්, දැන් අසූ හය හැවිරිදි වියෙහි පසුවෙනවා. පසුගිය කාලයේ ඔහු පිළිකා රෝගයෙන් පීඩා වින්දා. 1997 න් පසු මෑතකදී නම් පොයිටර් රඟපෑමට එක්වූයේ නැහැ. ජිම් බ්‍රවුන් 2010 වසරේ ‘ඩ්‍රීම් ස්ට්‍රීට්’ චිත්‍රපටයේ රඟපෑවා. දැනට ඔහු හැත්තෑ හත්වැනි වියෙහි පසු වෙනවා.
මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ ‘විරාගය’ හා ජයසේන ජයකොඩි සූරීන්ගේ ‘අමාවැස්ස’ යන නවකතා යුගල ප්‍රංශ බසට නගූ හිමි නම කවුද? ලක්‍ෂමන් රණසිංහ - හේකිත්ත. මණ්ඩාවල පඤඤාතිස්ස හාමුදුරුවෝ.
‘අජාසත්ත’ චිත්‍රපටය නැවත නිෂ්පාදනය කිරීමෙන් පැරැණි ශිල්පීන්ට අගෞරවයක් වෙනවා නේද? සමන් ගාල්ලගේ – කැටපල. පැරැණි චිත්‍රපට නැවත නිර්මාණය කිරීම අගෞරවයක් නොවෙයි. එය අගෞරවයක් වන්නේ පැරැණි නිර්මාණයට වඩා නව නිර්මාණය දුර්වල නම් පමණයි.
එළිසෙබත් ටේලර් සහ බ්‍රිජට් බ්‍රාඩෝ ගැන කෙටියෙන් අපට තොරතුරු ටිකක් කියන්න? එල්. එම්. ප්‍රේමසේන පෙරේරා ඥාන කුමාරි මධු සුරංගි – කළුබෝවිල. එක්තරා වකවානුවක ලෝකයේ පුවත් මැවූ සහ චරිත නිරූපණය අතින් ඉදිරියෙන්ම සිටි දක්‍ෂ හොලිවුඩ් නිළියක් වූ එළිසෙබත් ටේලර් සහ ප්‍රංශ නිළි බ්‍රිජට් බ්‍රාඩෝ යන දෙදෙනාම දැන් සිනමාවේ නැහැ. එළිසෙබත් ටේලර් නම් මීට වසර දෙකකට පමණ පෙර මිය ගියා. එදා පෙම්වතුන් වසඟයට පත්කළ බ්‍රිජට්ගේ දැන් ජීවිතය කැපකර ඇත්තේ ලොව පුරා සිදුවන සත්ව ඝාතනය වැලැක්වීමටයි. මේ දෙදෙනා අතරින් වඩා දක්‍ෂ නිළිය එළිසෙබත් බව මගේ හැඟීමයි.
‘මදර් ඉන්ඩියා’ වැනි චිත්‍රපටයක් තවමත් ඉන්දීය සිනමාවෙන් බිහි වී නොමැති බවයි මගේ අදහස. ඔබේ අදහස? පෝල් පෙරේරා - ගයියාල, කුලියාපිටිය. මම හිතන්නේ පෝල්, මදර් ඉන්ඩියා තරමටම ජනපි‍්‍රය නොවුනත් එවැනි චිත්‍රපට රාශියක් පසුගිය වකවානුවේ ඉන්දියාවේ තැනුණා.
නිල්මිණි තෙන්නකෝන්, ලිපිනය ලබා දෙනවද? දයා නාඩකන්ද – කිරිලිපන, මොනරාගල. 28/25, විජේසේකර මාවත, මිරිහාන, නුගේගොඩ. |