වර්ෂ 2014 ක්වූ ජූලි 24 වැනිදා බ්‍රහස්පතින්දා




අනගාරික ධර්මපාලට පාසල් දර්ශන

අනගාරික ධර්මපාලට පාසල් දර්ශන

අනගාරික ධර්මපාලතුමන්ගේ එකසිය පණස් වැනි ජන්ම සංවත්සරය නිමිති කර ගනිමින් සනත් අබේසේකර විසින් අධ්‍යක්ෂණය කළ අනගාරික ධර්මපාල ශ්‍රීමතාණෝ සිනමා සිතුවම සැප්තැම්බර් මස 12 වැනිදා සිට එම්පීඅයි සහ එල්එෆ්ඩී මණ්ඩලයේ සිනමා ශාලාවල ප්‍රදර්ශනය ඇරැඹීමට නියමිතය.

එහි පාසල් දර්ශන පැවැත්වීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය අනුමැතිය ලබාදී ඇති අතර ආරම්භක දිනයේ සිටම පාසල් දර්ශන පැවැත්වීමට අදහස් කරගෙන සිටින බව එහි අධ්‍යක්ෂවරයා ‘සරසවිය’ට දන්වා සිටියි.