වර්ෂ 2014 ක්වූ ජූලි 24 වැනිදා බ්‍රහස්පතින්දා




පුතාගේ චිත්‍රපටයට තිර කතාවක්

පුතාගේ චිත්‍රපටයට තිර කතාවක්
 

අධ්‍යක්ෂ

සමන් වීරමන්

‘ආකර්ෂා’ වගේම ‘ආලෝක උදපාදි’ කියන චිත්‍රපට දෙකම රූගත කිරීම් අවසන්. සුනෙත් මාලිංග අධ්‍යක්ෂණය කළ ආකර්ෂා’ ප්‍රදර්ශනයට සූදානම්ව ඇතත් ‘ආලෝකෝ උදපාදි’ චිත්‍රපටය තිබෙන්නේ තවමත් පසු නිෂ්පාදන කටයුතුවලයි. මේ නිර්මාණ දෙකේම උපදේශක අධ්‍යක්ෂ හා තිර පිටපත ලිව්වේ මමයි.

‘ආලෝකේ උදපාදි’ චිත්‍රපටය පිළිබඳ විශේෂ සඳහනක යෙදිය යුතුයි. ඒ චිත්‍රපටය සඳහා පාදක වුණේ වළගම්බා රාජ්‍ය සමයේ යුද ගිනි මැද නියං සායෙන් නොනැසී ශ්‍රී සම්බුද්ධ ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කළ මහා යතිවරයන්ගේ කතාවයි. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ මගේ පුතා චත්‍ර වීරමන් විසින්.

ඔහු මැලේසියාවේදී සිනමා හා සජීවිකරණය පිළිබඳ කළ හැදෑරීමෙන් පසුවයි මේ නිර්මාණයට දායක වුණේ.