වර්ෂ 2014 ක්වූ ජූලි 24 වැනිදා බ්‍රහස්පතින්දා




කොළඹ සිනමා උළෙල තව දින 25 යි

කොළඹ සිනමා උළෙල තව දින 25 යි

මුල්ම යාවජීව සම්මානය ආචාර්ය ලෙස්ටර්ට

ලෝකයේ සිනමා කර්මාන්තයට දුන් දායකත්වය වෙනුවෙන් කොළඹ ජාත්‍යන්තර සිනමා උළෙලේ මුල්ම යාවජීව සම්මානය ආසියානු සිනමාවේ ජීවමාන මහා සිනමාකරු ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් වෙත පිරිනැමෙනු ඇත.

මෙම උළෙල සැප්තැම්බර් 02 – 07 වැනිදා දක්වා කොළඹ රීගල්, මැජස්ටික්, අල්ට්‍රා එම්පයර් සහ තරංගනී සහ කොළඹ ජර්මන් සංස්කෘතික ආදී ශාලාවලදී පැවැත්වේ.

රීගල් ඩිජිටල් වෙයි

වර්තමානයේ ක්‍රියාත්මක මෙරට සිනමාශාලාවක් වන කොළඹ රීගල් සිනමාහල, නවීනතම ඩිජිටල් තාක්ෂණය සහිතව හා වඩා පේ‍්‍රක්ෂක පහසුව සැලසීම සඳහා අලුත් අංගෝපාංග සහිතව අලුත්වැඩියා කරමින් පවතියි.

නවීකරණය රීගල් සිනමාහල චිත්‍රපට ප්‍රදර්ශනය ඇරැඹෙන්නේ ලබන සැප්තැම්බරයේ ඇරැඹෙන කොළඹ අන්තර්ජාතික සිනමා උළෙල හා සමගාමීවය.

මෙරට චිත්‍රපට මාලිගා (Picture Palace)  ගෘහ නිර්මාණ ශිල්පය අනුව ගොඩනැගුණ එකම ශාලාව වනුයේද රීගල් සිනමාහලය.

1928 දී ඇරැඹි කොළඹ රීගල් නිහඩ සිනමා යුගයේ ප්‍රදර්ශනය අරඹා ඩිජිටල් යුගයට පරිවර්තනය වන එකම මෙරට සිනමාහලයි. රීගල් සීමාසහිත සිලෝන් තියටර්ස් පාලනය යටතේ පවතින සිනමාහලකි.