වර්ෂ 2014 ක්වූ ජූලි 24 වැනිදා බ්‍රහස්පතින්දා




මම දුන්නේ Kiss එකයි

මම දුන්නේ Kiss එකයි

වසරේ හොඳම නළුවාට, නිළියට මෙන්ම වසරේ හොඳම හාදුවට ද ඇත්තේ අපූරු වටිනාකමකි.

ඉම්රාන් භෂ්මි තිරයේ ‘හාදු රජු’ ලෙස නම් දරා තිබුණ ද ඔහුගේ තැන අහිමි කිරීමට බොහෝ නළුවන් පෙරමුණ ගෙන ඇත. හින්දුස්ථානි ටයිම්ස් මඟින් කළ ඡන්ද විමසුමකදී 2013 වසරේ ජනප්‍රියම හාදුව වී ඇත්තේ රාම්ලීලා සිනමාපටයට රන්වීර් සිං සහ දීපිකා පදුකෝන් හුවමාරු කරගත් හාදුවයි.

සුෂාන්ත් සිං රාජ්පුට් සහ පරිනීති චොප්රා ‘සුධ් දේසි රොමැන්ස්’ සඳහා ලබා දුන් හාදුව දෙවැනි තැන ද, නීල් නිතින් මුකේෂ්ගේ හා සොනාල් චෞහාන්ගේ ‘ත්‍රීජී’ සිනමා හාදුව ජනතා මනාපයෙන් තෙවැනි තැන දිනාගෙන තිබේ.