වර්ෂ 2014 ක්වූ ජූලි 24 වැනිදා බ්‍රහස්පතින්දා




දැහැමි ඔවදන් ඉරිදා

දැහැමි ඔවදන් ඉරිදා

හර්ෂ උඩකන්ද තිර රචනා කොට අධ්‍යක්ෂණය කළ පොහෝදා නාට්‍ය ‘දැහැමි ඔවදන්’ එළඹෙන පොහොය දා එනම් එන ඉරු දින සවස 1.30 ට ස්වාධීන රූපවාහිනියේ විකාශය වේ.

නෙතලි නානායක්කාර, කුමාර රණපුර, මංජුල සේනානායක සහ රශ්මි සේනානායක මෙහි චරිත මවති. දැහැමි ඔවදන් 30 සෙකන්ඩ් ක්‍රියේෂන් ඉදිරිපත් කිරීමකි. නිමල් ගුණසේකර රේඛීය නිෂ්පාදනයකි. නිරෝෂන් එදිරිමාන්න සහාය අධ්‍යක්ෂවරයාය.

සනත් ජානක සහ උපාලි උදයසිරිගේ කලා අධ්‍යක්ෂණයක් වේ. මහේෂ් කරුණාරත්න කැමරාකරණයෙන් ද, අශෝක පීරිස් තේමා සංගීතයෙන් ද, ඔෂාන් ගනිෂ්ක අංග රචනයෙන් ද මෙයට එක් වී තිබේ. මධුර ප්‍රසාද්ගේ සංස්කරණයකි. ලලිත් කල්දේරා නිෂ්පාදන කළමනාකරු වේ.