වර්ෂ 2014 ක්වූ ජූලි 24 වැනිදා බ්‍රහස්පතින්දා




Top Ten

Top Ten

විද්‍යා ප්‍රබන්ධයක් මුලට

මෙම සතිඅන්තයේදී අමෙරිකානු බොක්ස් ඔෆිස් වාර්තා චිත්‍රපට ලැයිස්තුවේ පෙරමුණ ලබා ගැනීමට සමත්ව ඇත්තේ ජේම්ස් ගන් අධ්‍යක්ෂණය කළ Guardians of the Galaxy චිත්‍රපටය යි. අගෝස්තු පළමු වැනිදා සිට ලොවපුරා ප්‍රදර්ශනය ආරම්භ කළ එය පසුගිය සති අන්තයේදී අමෙරිකා එක්සත් ජනපදය තුළ ප්‍රදර්ශනයෙන් ඩොලර් මිලියන 94.3ක ආදායමක් වාර්තා කළේය. කි‍්‍රස් ප්‍රදට්, සෝ සැල්ඩෙනා, වින් ඩීසල්, බ්රැඩ්ලි කෝපර් ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වන Guardians of the Galaxy විද්‍යා ප්‍රබන්ධ කි‍්‍රයාදාම චිත්‍රපටයක්. ඩොලර් මිලියන 170ක වියදමකින් නිෂ්පාදනය කළ මෙම චිත්‍රපටය මිනිත්තු 121ක ධාවන කාලයකින් යුතු වේ.

දෙවැනි ස්ථානය හිමි වෙන්නේ පසුගිය ජුලි 25 වැනිදා සිට ප්‍රදර්ශනය ආරම්භ කළ  Lucy චිත්‍රපටය යි. විද්‍යා ප්‍රබන්ධ කි‍්‍රයාදාම චිත්‍රපටයක් වන  Lucy පසුගිය සති අන්තයේදී වාර්තා කළ ආදායම ඩොලර් මිලියන 18.3කි. තෙවැනි ස්ථානය හිමි වෙන්නේ ටේට් ටේලර් අධ්‍යක්ෂණය කළ Get on Up චිත්‍රපටය යි. සුප්‍රසිද්ධ අමෙරිකානු ජාතික ගායන ශිල්පී ජේම්ස් බ්රිවුන්ගේ කතාව පාදක කරගත් මෙහි චැඩ්වික් බොස්මන්, නෙල්සන් එලිස්, ඩැන් ඒකෝඩ්, වයලා ඩේවිස් ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වෙති. මිනිත්තු 138ක ධාවන කාලයකින් යුතු Get on Up සිය පළමු සතිඅන්ත ආදායම ලෙස ඩොලර් මිලියන 13.6ක් වාර්තා කළේය.

පසුගිය ජුලි 25 වැනිදා සිට ලොව පුරා ප්‍රදර්ශනය ආරම්භ කළ Hercules චිත්‍රපටය මෙවර අමෙරිකානු බොක්ස් ඔෆිස් වාර්තා චිත්‍රපට අතරේ සිව්වැනි ස්ථානය හිමිකර ගෙන ඇති චිත්‍රපටය යි. බ්රෙට් රේට්නර් අධ්‍යක්ෂණය කළ කි‍්‍රයාදාම චිත්‍රපටයක් වන එය පසුගිය සති අන්තයේදී වාර්තා කළ ආදායම ඩොලර් මිලියන 11කි. පස්වැනි ස්ථානය හිමි වෙන්නේ වානරයන් සහ මානවයන් අතර සිදුවන සිදුවීම් සමුදායක් පාදක කර ගිනිමින් මැට් රීව්ස් අධ්‍යක්ෂණය කළ විද්‍යා ප්‍රබන්ධ කි‍්‍රයාදාම චිත්‍රපටයක් වන Dawn of the Planet of the Apes චිත්‍රපටය යි. එය පසුගිය සති අන්තයේදි ඩොලර් මිලියන 8.7ක් වාර්තා කළේය.

පරිගණක සජීවකරණ චිත්‍රපටයක් වන Planes: Fire & Rescue ඩොලර් මිලියන 6ක් වාර්තා කරමින් අමෙරිකානු බොක්ස් ඔෆිස් වාර්තා චිත්‍රපට දර්ශකයේ හයවැනි ස්ථානයටත් The Purge: Anarchy ඩොලර් මිලියන 5.9ක් වාර්තා කරමින් හත්වැනි ස්ථානයටත් පැමිණ තිබේ. ජේක් කේස්ඩන් අධ්‍යක්ෂණය කළ Sex Tape චිත්‍රපටයට අටවැනි ස්ථානය හිමිවී තිබේ. හාස්‍යමය පේ‍්‍රමණීය කතා පුවතක් ගෙන එන And So It Goes චිත්‍රපටය අමෙරිකානු බොක්ස් ඔෆිස් වාර්තා චිත්‍රපට දර්ශකයේ නමවැනි ස්ථානය හිමි වී ඇත. ඒ Most Wanted Man චිත්‍රපටය සිටින්නේ මෙම දර්ශකයේ දසවැනි ස්ථානයේය. පසුගිය අගෝස්තු පළමු වැනිදා සිට ලොවපුරා ප්‍රදර්ශනය ආරම්භ කළ ඇන්ටන් කොබ්ඩින් අධ්‍යක්ෂණය කළ ඒ Most Wanted Man ත්‍රාසජනක කතා පුවතක් ගෙන එන චිත්‍රපටයකි.