වර්ෂ 2014 ක්වූ ජූලි 24 වැනිදා බ්‍රහස්පතින්දා




රාවණා චරිතය චිත්‍රපට තුනකින්ම හේමාල් රණසිංහ ප්‍රධාන චරිතයට

රාවණා චරිතය චිත්‍රපට තුනකින්ම

හේමාල් රණසිංහ ප්‍රධාන චරිතයට

රාවණා රජුගේ ජීවිත කතාව ඇසුරෙන් නිර්මාණය වන දැවැන්ත ඓතිහාසික චිත්‍රපට ත්‍රිත්වයක වැඩ කටයුතු තව නොබෝ දිනකිින් ඇරැඹෙයි. ඉරා යනුවෙන් නම් කොට ඇති මෙහි පළමුවැන්න ගගන සැරිසරන්නාය.

සමාරා, රෝස කැලේ ආදී චිත්‍රපට අධ්‍යක්ෂණය කළ සංජය නිර්මාල් මෙම චිත්‍රපට මාලාවේ අධ්‍යක්ෂවරයාය. නව පරපුරේ ජනප්‍රිය රංගන ශිල්පී හේමාල් රණසිංහ ගගන සැරිසරන්නා හි රාවණා රජුගේ චරිතයට පණ පෙවීමට මේ වන විටත් සූදානමින් සිටියි. රවීන්ද්‍ර රන්දෙණිය, ලකී ඩයස්, ජනක කුඹුකගේ, චරිත් අබේසිංහ, නීටා ප්‍රනාන්දු, අනූෂා දමයන්ති, ප්‍රබෝධා සංදීපනී, දුලානි අනුරාධා, සේමිණි ඉද්දමල්ගොඩ, දර්ශන් ධර්මරාජ්, බිමල් ජයකොඩි, බුද්ධික ජයරත්න, උදාරි වර්ණකුලසූරිය, උද්දික ප්‍රේමරත්න, පුබුදු චතුරංග, අරුණි රාජපක්ෂ මෙහි සෙසු ප්‍රධාන චරිත මවනු ලබයි.

කතාව දෙබස් තිර රචනය සංජය නිර්මාල්ගෙනි. ප්‍රසන්න වීරක්කොඩිගේ නිෂ්පාදන සැලැස්මකි. චරිත් අබේසිංහ රේඛීය නිෂ්පාදකවරයා ලෙස කටයුතු කරයි. පරිඝණක සජීකරණය කසුන් මලින්ද සහ සුසන්ත පුෂ්පකුමාරගෙනි. අජන්ත මහන්තආරච්චි සටන් අධ්‍යක්ෂවරයාය. නුවන් තේනුවර සංගීත අධ්‍යක්ෂණයෙන් ද, නාරද ධනංජි තොටගමුව අංග රචනයෙන් ද, නිශාන්ත රණසිංහ සහාය අධ්‍යක්ෂණයෙන් ද ගගන සැරිසරන්නා සමඟ එක්ව සිටිති. හේමන්ත බන්ධනගේ නිෂ්පාදන කළමනාකරණයකි.

මෙම චිත්‍රපට මාලාව හි නිෂ්පාදනය ආර්. සදේශ් කුමාර් සහ ශ්‍රීමතී සදේශ් කුමාර්ගෙනි.