වර්ෂ 2014 ක්වූ ජූලි 24 වැනිදා බ්‍රහස්පතින්දා




අජේ කාජල්ට පෙම්වතෙක් සොයයි

අජේ කාජල්ට පෙම්වතෙක් සොයයි

කාජල් වැනි ප්‍රතිභාපූර්ණ රංගවේදිනියක සිව් වසරකින් තිරයේ දක්නට නොලැබීම රසිකයන්ගේ නොමනාපයට හේතුවන කරුණකි. එහෙත් මේ වසරේදී ඇය වසර හතරක නිහැඬියාව බිඳ දමනු ඇත. ඒ බව පවසන්නේ කාජල් නොව ඇයගේ සැමියා අජේ දේව්ගන්ය.

‘මේ වසරේදී ඇය සිනමාපටයක රඟපාවි. ඔක්තෝබර් මාසයේදී කාජල් රඟන සිනමාපටයේ වැඩ කටයුතු ඇරඹෙනවා. මං නිෂ්පාදනය කරන සිනමාපටය අධ්‍යක්ෂණය කරන්නේ රාම් මාධ්වානි.

මේ පරිණත ආදර කථාව, කාන්තාව කේන්ද්‍ර කර ගත්තක්. දැන් කාජල්ගේ පෙම්වතාගේ චරිතයට කෙනකු සොයනවා. සිනමාපටයට මං දායක වෙන්නේ නිෂ්පාදනයෙන් පමණයි.’ ආජේ, කාජල්ගේ නවතම රංගනය ගැන එසේ පැවසුවේය.