වර්ෂ 2014 ක්වූ ජූලි 24 වැනිදා බ්‍රහස්පතින්දා




අයිෆෝන් එකෙන් චිත්‍රපටයක්

අයිෆෝන් එකෙන් චිත්‍රපටයක්
 

චිත්‍රපට අධ්‍යක්ෂ බූඩි කීර්තිසේන

මගේ අලුත්ම කාරිය වන්නේ අයි ෆෝන් එකෙන් චිත්‍රපටයක් නිර්මාණය කිරීමයි. එය නම් කරලා තියෙන්නේ Adventures of Ricky Deen නමින්. මේ චිත්‍රපටයේ මහේන්ද්‍ර පෙරේරා චරිත ත්‍රිත්වයකින් ද, පාලිත සිල්වා චරිත ද්විත්වයකින් ද රංගනයෙන් දායක වෙනවා.

මෙහි සංගීතා වීරරත්න, සමනලී ෆොන්සේකා, ශලනි තාරකා, දසුන් පතිරණ, දර්ශන ධර්මරාජ් ඇතුළු රංගන ශිල්පීන් ශිල්පිනියන් රැසක් ද සිටිනවා. චිත්‍රපටයේ පළමු කොටස රූගත කිරීම් අවසාන නිසා මේ සූදානම් වන්නේ එහි දෙවන කොටසෙහි රූගත කිරීම් ආරම්භ කරන්නයි.