වර්ෂ 2014 ක්වූ ජූලි 24 වැනිදා බ්‍රහස්පතින්දා




අමීර් උපන් ඇඳුමෙන්

අමීර් උපන් ඇඳුමෙන්

සිනමාපටයක් ප්‍රවර්ධනය කිරීමේදී තරකාවන්ගේ උපන් ඇඳුම ඉනිමඟක් කර ගත්ත ද, තරුවක උපන් ඇඳුමින් සිටීමෙන් කෙබඳු ආකර්ෂණයක් ඇති වේවිද? ඒ සඳහා සිනමා විචාරකයන්ට දෙසැම්බර් 19 වැනිදා වනතුරු බලා සිටීමට සිදු වෙයි.

බොලිවුඩයේ පූර්ණවන්තයා වන අමීර් ඛාන් ‘පී. කේ’ සිනමාපටයේ ප්‍රවර්ධන කටයුතු දැන් සිටම අරඹා ඇත. ඒ රසිකයන් ඔහු කිසි දිනෙක දැක නැති ස්වරූපයකිනි. ප්‍රවර්ධන පෝස්ටරවල උපන් ඇඳුමින් අමීර් පෙනී සිටියි. ඔහු දිගටම ‘පී. කේ.’ ප්‍රවර්ධන දර්ශනවල දක්නට ලැබෙන්නේ මේ ආකාරයෙන් බව රාජ් කුමාර් හිරානි පැවසීය.

එහෙත් දැනටමත් මේ අපූරු ප්‍රවර්ධන උපක්‍රමය නිසා සිනමාපටය තිරගත කිරීමට පෙර නිෂ්පාදක විධු විනෝද් චොප්රා, අධ්‍යක්ෂ රාජ් කුමාර් හිරානිට සහ අමීර් ඛාන්ට උසාවිය ඉදිරියේ පෙනී සිටීමට නොතීසි නිකුත් කරන ලෙස පෙත්සම්කරුවකු ඉල්ලා සිටියි. ඔහු වැන්නෙක් නිරුවත්ව පෙනී සිටීම තරුණ පරපුරට වැරැදි ආදර්ශයක් ගෙන දෙන්නත් බව පෙත්සම්කරු පවසයි.