වර්ෂ 2014 ක්වූ ජූලි 24 වැනිදා බ්‍රහස්පතින්දා




F E E D B A C K

සාරංග දිසාසේකරට,

මුතු පළසෙහි ඔබ ජීවය දුන් චරිතය කිසිදා අමතක නොවේ.
 

ශාන්ති බන්දුනාථ

මහනුවර

රාත්‍රිය ඔබයි කදිමයි

සඳුදාට සියත නාලිකාවෙන් ප්‍රචාරය වන රාත්‍රිය ඔබයි වැඩ සටහනෙන් ප්‍රියා සූරියසේනයන් ගෙන්වා කළ වැඩසටහනට ඉතා අගයමි.
 

ඉන්ද්‍රාණි ආරියවංශ

ගල්කිස්ස

කුංකුම් පොට්ටු ආයෙත් ඕනෑ

නිලාර් එන්. කාසිම් විසින් මෙහෙය වූ ද්‍රවිඩ සිනමා ගී රැගත් මනරම් වැඩසටහනක් වූ කුංකුම් පොට්ටු රූපවාහිනියෙන් යළි විකාශය කරන මෙන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටිමි. ද්‍රවිඩ සිනමාව ගැන උනන්දුවක් දක්වන සිංහල නරඹන්නන්ට මෙය මහඟු අවස්ථාවකි.
 

චන්ද්‍රාන්ති ධර්මරත්න

කැලණිය

රන් බැබලේවා

නිතර වැඩසටහන් අලුත් කරන හොඳ වැඩසටහන් ඉදිරිපත් කරන පැරැණි ගී නිතර අසන්නට සලස්වන රන් එෆ්. එම්. සදාකල් බැබලේවා.

නිමල් කුලසේකර

අඟුලාන

ජනප්‍රිය මහේෂි

රිදී තිරයෙත් පුංචි තිරයේත් යොවුන් රංග ශිල්පිනියක වන මහේෂි මධුසංඛා ජනප්‍රියත්වයේ හිනිපෙත්තටම නැඟි තාරකාවකි. රුවින් ද ආකර්ෂණීය ඇය අන් නිළියන් අභිබවා යනු ඇතැයි මම විශ්වාස කරමි.
 

අතුල රම්‍යසිරි

පානදුර

මං හඬපු හැමදාම

යොවුන් ගායක මිහිඳු හේරත් ගයන මං හඬපු හැමදාම ගීතය ඔහු ඉතා හැඟුම්බරව ගායනා කරනවා. අපි දෙන්නා එම ගීතයට හරිම ආසයි.
 

අක්ෂි රාජපක්ෂ

නන්දා ලියනගේ

මහවැව

ආශාගේ රඟපෑම

රනා ටෙලි සිතුවමේ ශ්වේතාගේ භූමිකාව රඟ දැක් වූ ආශා එදිරිසිංහ මාරාන්තික රෝගයකින් ජීවිතයේ බලාපොොත්තු බිඳ වැටෙද්ද, උපේක්ෂා සහගත වූ ආදරය, කරුණාව, සෙනෙහස ආදී සියුම් භාවයන් නිරූපණය කරමින් මාපිය සහ ප්‍රේමවන්ත යන සබඳතාව සෙනෙහස වෙන් වෙන්ව පුදමින් කතාව අවසානය දක්වා ආශා ප්‍රේක්ෂකයින්ව තමාට අවනත කර ගන්නා ආකාරය පැසසිය යුතුයි.
 

සුනිල් විජේසිංහ

මතුගම

තිත්ත ටී. වී.

රූපවාහිනී නාලිකා සියල්ලම පාහේ පේ‍්‍රක්ෂකයාව ගොනාට අන්දවා ඇත. ඉතා කැමැත්තෙන් නරඹන ටෙලි නාට්‍යයක් වේ නම් එය අතරතුරදී වෙළෙඳ දැන්වීම අති විශාල ප්‍රමාණයක් ප්‍රචාරය වේ. එමඟින් හොඳ නාට්‍යයක් වුවත් ජනතාවට අප්‍රිය වෙයි. එම තත්ත්වය නාලිකාවලට මූල්‍යමය පැත්තෙන් සරු වුව ද ප්‍රේක්ෂකයාට නම් නාලිකා තිත්ත වන කරුණකි.
 

අයලීන් සෝවිස්

රාගම

රන්ජා මරු

රන්ජා චිත්‍රපටය පුරාම ත්‍රාසය සතුට සහ සරලකම 85% ක් පමණ තිබූ නිසා කම්මැලි නැතිව සැහැල්ලුවෙන් රන්ජා නැරැඹුවෙමි. ත්‍රාසජනක, උද්වේගතර අවස්ථාවන් හරිම ප්‍රබලයි. මා නැරැඹූ ක්‍රියාදාම දමිල සහ ඉංග්‍රීසි චිත්‍රපටවලටත් වඩා හොඳින් ඉතාම ප්‍රාණවත් සටන් ජවනිකා එහි තිබිණ. අතිශය ජනප්‍රිය පැරැණි සිංහල චිත්‍රපට ගී නැවත යොදා ගැනීම හරිම අපූරුයි. රන්ජන්, රොජර්, වසන්ත කුමාරවිල, ශ්‍රීමාල් වෙඩිසිංහ, හිමාලි, පියුමි මරේ මරු කියලා කියන්න පුළුවන්.
 

ඩඩ්ලි ගෝමස්

මොරටුව

S.M.S.

පසුගිය දිනවල විකාශය වූ රියැලිටි වැඩසටහන් හොඳයි. ඒත් ඒවා නිවේදනය කරපු නිවේදිකාවෝ නම් අන්තිමයි. මෙවර ඩ්‍රීම්ස්ටාර් වූ ධනුෂ්ක ඊළඟ ඩ්‍රීම්ස්ටාර් සීසන් එක මෙහෙය වනවා නම් හොඳයි. ඔහු සිංදු කිව්වා වගේ අපූරුවට ඩ්‍රීම් ස්ටාර් මෙහෙයවයි. මිනිස්සු හැමෝම එතකොට ඩ්‍රීම් ස්ටාර් වටා රොක් වෙයි.
 

මධුසංක, තරිඳු, ගිහාන්, නිම්සරා

කළුතර

වසන්ත කුමාරවිලට,
ඔබ තමයි සිංහල සිනමාවේ බිහි වූ හොඳම සටන් නළුවා. ඒ බව ඔබ රන්ජා මඟින් ඔප්පු කළා.
 

නිලන්ත ප්‍රනාන්දු

යක්කල

ආශා එදිරිසිංහගේ හොඳම රංගන හැකියාව මං රනා ටෙලි නාට්‍යයෙන් දැක්කා. ඇත්තටම ආශා තමයි පුංචි තිරයේ මා දුටු හොඳම අහිංසකාවිය.
 

දිලිනි

නුවර

නිවේදක නිවේදිකාවෝ ගුවන් විදුලි ආයතනවලට බඳවා ගන්නා නිසි ක්‍රමෝපායක් හදනවා නම හොඳයි.
 

නිරෝෂ් සම්පත්

සිංහරාජය

ශෙහාන් මිහිරංග රංගනයට ආවොත් දිගු ගමනක් යා හැකි බවයි මගේ විශ්වාසය. ඔහුගේ කඩවසම්කම ඊට මහත් පිටිවහලක් වේවි.
 

හර්ෂ විරාජ්

මාකඳුර

ලෝකෙන්ම හොඳම ළමා නළුවා වූ කෝකිල පවන් දැන් කලක සිට කිසිම නිර්මාණයකින් අප දුටුවේ නැත. ඒ වගේම සිහින පුරයෙන් අප හමු වුණ සත්සර සවන් මේ දිනවල මොකද කරන්නේ. ඔබ දෙපොළ ඉක්මනින් නිර්මාණයකින් දක්නට ආසයි.
 

සමරසිංහ

දියතලාව

දැන් හැදෙන ටෙලි නාට්‍යවලට සල්ලි වියදම් කරන එක අපරාධයක්. ඒවා හොඳයි මෝඩයින්ට.
 

දිමුතු

ගාල්ල

පුංචි වලව්වේ ලොකු බබෝ දුලීකා මාරපන ඔබේ රංගනය අපව විස්මයට පත් කළා.
 

කාංචක කරුණාරත්න

පෝද්දල

වතුර නාලා, හා මල් පිපෙන්නේ වැනි ගීත ගැයූ ක්‍රිස්ටෝපර් පෝල්ගේ ශෛලියට ගී ගයන වෙනත් කිසිදු ගායකයකු මෙතෙක් බිහි වී නැත. ඔහු තවමත් ජව සම්පන්නව ප්‍රසංග වේදිකාවේ ගයන අයුරු විස්මිතය.
 

කාන්ති

වේරහැර

වැඩි බජට් චිත්‍රපටවලට කොපි පණස් පහත් අඩු බජට් චිත්‍රපට සඳහා කොපි තිස් පහක් දෙනවා නම් අගෙයි.
 

වසන්ත

ගන්නොරුව

ලංකාවේ ගුවන් විදුලි නාළිකා ප්‍රමාණය වැඩියි. කොච්චර නාළිකා තිබුණත් සෑම නාළිකාවකම ප්‍රචාරය වන්නේ එකම ආකෘතියට කොටු වූ වැඩසටහන්ය. එසේ නොවී විවිධාකාර වෙනවා නම් ගුවන් විදුලි නාළිකා අඩු වුවත් කම් නැත.
 

ලක්මාලි

වරකපොළ

ගොසිප් වෙබ් සයිට් නිසා ඇතැම් කලාකරුවන්ගේ චරිත ඝාතනයට ලක්වෙනවා. එහෙත් තමන් ගැන පළ කරන තොරතුරු ඇතැම් කලාකරුවන් ඉවත් කර ගන්නේ නැහැ. එමඟින් අපට පෙනෙන්නේ සමහරු ඔවුන් විසින්ම කටකතා හදාගන්නවා කියලයි.
 

වින්ඩි

නුවර

හිම මීදුම් වළාකුලේ ගීතයෙන් ඉතාමත් ජනප්‍රියතාවයට පත් වූ අතුල ශ්‍රී ගමගේ අවිහිංසක ගායකයකු හැටියටයි මං දකින්නේ. ඔහු තමන්ගේ පැරැණි ගීයක් වූ ‘පෙම් ලොව දුක් ගිනි’ රීමෙක් කර ඇති අයුරු හොඳටම හොඳයි.
 

නිශාන්ති

ගම්පහ

උද්දික ප්‍රේමරත්න අයියේ, කළු අරලියා ටෙලි සිතුවමේ ඔයා වසන්තගේ චරිතයට ගිලා බැස එය නිරූපණය කරනවා.
 

මධුශිකා සඳරුවනි

කඩුවෙල

ටී. එම්., නීලා,
ඔබ දෙපොළ තමයි එදත් අදත් මගේ ප්‍රියතම ගායක ගායිකා යුවල. ඔබට දීර්ඝායු පතමි.
 

කමල් ප්‍රියන්ත ජයසිංහ

නක්කවත්ත

ජෝතිපාල නැතිවුණායින් පසු සිංහල සිනමාවේ අඩක් කඩාගෙන වැටුණා. විජය අහිමිවීමෙන් ඊළඟ කොටස විනාශ වුන. කේමදාසයන්ගේ අභාවයෙන් පසු සිංහල සිනමාවේ අත්තිවාරමද පුපුරා ගියා.
 

ජයන්ත මාරසිංහ

අලුත්කඩේ

මොන සුපර් ස්ටාර්ලා ආවත් ශිහාන් මිහිරංග තමයි අංක එක.
 

පූර්ණි

වලස්මුල්ල

එරංග ජිවන්ත දක්ෂ නළුවෙක්. යාය හතර, පියවි යන ටෙලි නාට්‍ය නැරැඹූ මට එය හොඳින් වැටහුණා.
 

ෂොහාන්

මීගමුව

සඳසාවි ටෙලි නිර්මාණය කාලයේ තාලයට ගැළපෙන එකක්.
 

ලසන්ති

වලස්මුල්ල

ඔබේ හඬ රන් තරු මැද පුන්සඳ ලෙස බැබලේවා.
ජෝති
ඔබේ හඬ අමරණීයයි.
 

චතුරි, මහේෂිකා, දයාරත්න, වීරනායක, අනුහස්

මාතර

ටෙලි අධ්‍යක්ෂවරුනි
අලුතින් හිතන්න, වෙනස් විදිහට දකින්න, නැවුම් බවක් ඇති ඩ්‍රාමා හදන්න ට්‍රයි කරන්න.
 

එම්. එස්. වීරසිංහ

මතුගම

ජැක්සන් ඇන්තනී මහත්තයෝ,
අපේ ළමා පරපුර වෙනුවෙන් ළමා චිත්‍රපටයක් කරන්න. ඔබ වැනි අයකුගෙන් බොහෝ දේ ඉගෙන ගැනීමට එවිට අනාගත පරපුරට හැකි වනු ඇත.
 

ශාලිකා බණ්ඩාර

හෝකන්දර

ලද බොළඳ ආදර කතාවලින් ටෙලි නාට්‍ය කලාව අන්තයටම පිරිහිලා
 

කරු මන්දාවල

නාත්තණ්ඩිය

අපි රන්ජා ෆිල්ම් එක බැලුවා. ගොඩක් කාලෙකිනුයි මේ වගේ හොඳ චිත්‍රපටයක් බැලුවේ.
 

නිලූ

දෙහිවල

සමාප්ත වූ රණා ඉතාම රසවත් ටෙලි සිතුවමකි.
 

ශානුක රුක්ෂාන්

ගිරිඋල්ල

ප්‍රතිචාර SMS  0752805047
www.sarasaviya .lk
වෙබ් පිටුව හරහා ද ප්‍රතිචාර දැක්විය හැකිය. තැපැල් හෝ සටහන් පත් මඟින් නම් ප්‍රතිචාර,
සරසවිය, ලේක්හවුස්,
කොළඹ 10.