වර්ෂ 2014 ක්වූ ජූලි 24 වැනිදා බ්‍රහස්පතින්දා




හිතේ ගින්නට තවත් ගින්නක්

හිතේ ගින්නට තවත් ගින්නක්

රිතික් රෝෂන්ට දුක, සතුට ජීවිතයේ අත්දකින්න ලැබෙන්නේ එකවරය. ඔහුගේ බෑන්ග් බෑන්ග් පූර්වපටයට සුබ ප්‍රතිචාර නොමඳව ගලාගෙන එද්දී, සුසේන් නිසා යළිත් සිත පාරවා ගැනිමට සිදු වී තිබේ. සුසේන් දික්කසාද නඩුව ඔක්කෝබර් 31 වැනිදා පැවැත්වීමට නියමිතය. ඇය ඔහුගෙන් නඩත්තු මුදල වශයෙන් ඉන්දියානු රුපියල් කෝටි 400 ක් ඉල්ලීමට බලාපොරොත්තු වන්නීය. දරුවන් දෙදෙනාගේ භාරකාරත්වය හිමි වී ඇත්තේ ද සුසේන්ටයි. මේ දක්වා සුසේන් රෝෂන් ලෙස පෙනී සිටිය ද දැන් ඇය වාසගම අත්හරිනු ඇති බවට රාවයක් පැවතුණ ද, තවමත් සුසේන් ‘රෝෂන්’ වාසගමට කැමැති බව පැවසෙයි.

මේ අතරවාරයේ රිතික් රෝෂන් හා රාකේෂ් රෝෂන්ට අයත් ෆිල්ම් ක්‍රාෆ්ට් සමාගමේ කාර්යාල ගොඩනැගිල්ල ගිනි ගෙන ඇත. ගින්නෙන් එක් පුද්ගලයකු මරුමුවට පත් විය. ගින්න ඇති වී තිබෙන්නේ විසි දෙවැනි තට්ටුවේ පිහිටි සංස්කරණ මැදිරියේයි.