වර්ෂ 2014 ක්වූ ජූලි 24 වැනිදා බ්‍රහස්පතින්දා




කාර්, කාර්, කාර්

කාර්, කාර්, කාර්

බොලිවුඩයේ වාහන උමතුව විවිධ චරිත රඟන උමතුවට වඩා වැඩි වූවකි. වියපත් අමිතාබ් බච්චන් කාර් විස්සක හිමිකරුවෙක් කියා සිතිය හැකි ද? ඔහුට තිබෙන කාර් 20 න් දුසිමකටත් වඩා අධි සුඛෝපභෝගි මෝටර් රථය.

බෙන්ට්ලි කොන්ටිනෙන්ටල් ජී.ටී., රේන්ජ් රෝවර්, මර්සඩීස් බෙන්ස්, බීඑම්ඩබ්ලිව්, ටොයොටා, ලෑන්ඩ් කෲසර් ද මේ අතර තිබේ. අභිෂේක් බච්චන් ද පියාට කාරයක් තෑගි දී ඇති අතර, තවමත් තනිවම වාහනයකට නැගිය නොහැකි තරම් කුඩා ආරධ්‍යාට ද ඔහු තිළිණකර තිබෙන්නේ කාරයකි.

ෂාරුක් ද මිට්ෂුබිෂි, පැජෙරෝ, ඕඩි, බීඑම්ඩබ්ලිව්, රෝල්ස් රෝයිස් වැනි සුඛෝපභෝගි වාහන රැසක හිමිකරුවෙකි.

සංජේ දත්ගේ කාර් උමතුව කෙතරම් ද කිවහොත් ජීවිතයේ සුබ අවස්ථා සමරන්නේ ද කාරයක් තෑගි කරමිනි. බිරිය මන්යාතා නිවුන් දරුවන් බිහි කළ පසු ඔහු ඇයට රෝයල් රෝයිස් ‘ගෝස්ට්’ මොඩලයේ මෝටර් රථයක් තෑගි කළාය.

සල්මන් කාර් මෝටර් රථ උමතුව ගැන පමණක් නොව, මෝටර් රථ අනතුරු ගැන ද නම් දරා සිටින්නෙකි. රන්බීර් කපූර්ගේ ජීවිතයට සම්බන්ධ වෙන කාන්තාවන් ගණන අඩු නොවන්නා සේම වාහන ගණන ද අඩු නැත. ජෝන් ඒබ්‍රහම් යතුරු පැදිවලට සේම මෝටර් රථවලට ද ඇලුම් කරන්නෙකි.